මීදුම් 16

170 24 4
                                    

***
පැයක ගමනකින් පසු කිසිඳු හඬක් නොමැතිව ඔවුන් වලව්වට ආවද,ලවන්‍යා නම් තවමත් කඳුළු කැට රූටන දෙනෙත පිසලමින් නාසය හූරමින් සිටියාය..

අපූර්වාගේ දෙනෙත නම් රත්ම රත් පැහැ ගැන්වී තිබිණි..
"හරි මං උබත් එක්ක හෙට මේක විසඳගන්නම්.."අපූර්වා තම දුරකථනය සහ බෑගය ගෙන ලවන්‍යා දෙස නොබලාම ගෙතුළට ගියාය..

"සුදු දෝණී,ඇයි මේ..!"කුසුමා දිව ආවේ ලවන්‍යාගේ හැඬීම ඇසීය.."අම්මා.."ඇය කුසුමාව තදකර වැළඳගත්⁣තාය..

"හරි හරි දෝණී,අපි ගෙදර යන් මැණිකේ.."කුසුමා ඇයත් සමඟ තම නිවසට පිටවුණේ වලව්වේ ආහාරපානද සකසාමය..

"අහ්,ෂිට්!"අපූර්වා බෑගය යහන මතට දමා අසල සෙටියේ වාඩිගත්තේ පිස්සියක ⁣සේය.."ම් මට මොකක්ද වුණේ..ලවන්‍යා,"අපූර්වා දෑතින්ම හිස බදාගෙන මේතරම් වේලා පාලනය කරගත් කඳුළු කැට වලට නිදහසක් දුනි..
"ඇයි ඇයි මං ඒ මිනිහට ඉරිසියා කරන්නේ.."අපූර්වා තමා සමගම මිමිණීය..

සෙටිය මතම සිටි ඇයට ටික වේලාවකින් නිදි දෙව්දුව වැළඳගත්තද,
නිවසට ගිය ලවන්‍යා ඉක්මනින්ම හැඳ පැළඳගෙන ආපසු වලව්වට ආවේ ඇගේ බේබි නෝනාට ⁣කොහොමද බලන්නය..මන්ද හිත කියන්නෙම ඇය ගැන බලාපන් බලාපන් කියාමය..

"ආ,මේ ලවන්‍යා කෙල්ල නෙවැ.."සේනක මැණිකෙ සෙටිය මත වාඩිගෙන පත්තරය බලමින් සිටියාය.."ආ ලොකු නෝනා,මං මේ බේබි නෝනාගේ පර්ස් එක දෙන්න කියලා.."තම අත තිබූ තමාගේ පර්සය පෙන්වූ ඇය එසේ පැවසීය.."හ්ම්,හ්ම්..පලයන් පලයන්.."..

"දෙයියනේ!,බේබි න් නෝනා.."
සෙටිය මත දිගාවී පිස්සියක සේ සිටි ඇයව දැක්මෙන් ම ලවන්‍යාගේ දෑස විසල් වීණි..රත් පැහැයට හැරුණු දෙකොපුල් තෙත් වුණු ඇහිපිල්ලම් ඇය දැන් ටිකකට පෙර හැඬු බවට සාක්ෂි දුනි..
"දෙයියනේ,ඇයි මේ ⁣කෙල්ලගේ ඇස් තෙත් වෙලා.."ලවන්‍යා සිතීය...

දමාගෙන සිටි සෙරෙප්පු යුගල එහෙමෙමය..ඇය ඒවා ගලවා ඇගේ ඇඳුම්ද ලිහිල් කර යහනෙන් කොට්ටයක්ද ගෙන තබා පොරොවනයක්ද දැමීය..
සෙටිය අසලම හිඳගත් ඇය අපූර්වාගේ සුසුම් පොද වැදෙන තරමටම ඇයට ලං වී සිටියාය..නුහුරු හැඟීම් ගොන්නකින් මුළු හිතම පිරී යද්දි ඇය ඇයගේ නළලත මතට තම සිනිදු දෙතොල් තද කළාය..

ඉක්මනින්ම තමා කළ දේ ගැන වැටහුණු ඇය එතනින් නික්ම යන්නට සැරසුණත් අයෙකුගේ දෑගිලි මතට තම අත සිරවුණු බව දැනීමෙන් ඇය නැවතිණි.."කොහේද ඔය දඩි බිඩි ගාලා යන්නේ..ම්ම්"

අපූර්වාගේ කටහඬ ඇසීමෙන් ඇයට යන එන තැන්ද අමතක විණි.."ආ නෑ මං මේ දැන් යන්න කියලා..

"ඇය ඇගේ දෙස හැරී සියුම් සිනහවක් මතින් පැවසීය.."දැන් මොකද කළේ.."ලවන්‍යාට උත්තරත් නැති විය.."ආආ,ම් මේ බේබි නෝනාට කොහොමද බලන්නයි ආවේ..,දැන් බලපු නිසා මං යන්නම්,නිදිමතයි.."ඇය තම අත ඇගෙන් ගෙන කාමරයෙන් පිටතට ගියේ අපූර්වා වෙනත් කල්පනාවකට බර වෙද්දීමය..

"දෙයියනේ,මං ම් ඒ මොකක්ද කළේ.."

***
තව එපියක් දුන්නෝ..
බෝනස්..
❤️❤️❤️🌸

මීදුම්...Where stories live. Discover now