මීදුම් 49

195 25 16
                                    


"ලවන්‍යා,..මොකද මේ,...!"

අපූර්වා බර කල්පනාවක ඉඳපු,..ලවන්‍යාගේ අතක් ගෙන තම අත වටේ පටලවගත්තේ,...අනෙක් අතින් සුක්කානම අල්ලාගෙනය.....ඇය ඇගේ පුරුද්දටම ඇහිබැමක් උස්කොට මොකදැයි කියා ඇසුවේ,..ලවන්‍යා මුකුත් නැහැ කියන්නට වගේ ඔළුව දෙපැත්තට වනා මඳක් සිනාසෙද්දිය....තවමත් පැටලුණු අත් දෙස ලවන්‍යා බලා හිඳියාය...ලවන්‍යාගේ ඔඩොක්කුවේ තිබූ දෑත් අත්නොහැරම අපූර්වා තම ඔඩොක්කුව මතට ගත්තේ,...තනිවම ඉස්සරහ බලාගෙනම හිනාවෙන ගමන්ය......උදේ ඉර එළිය⁣ත් එක්ක,...ඇගේ හිනාව තවත් ආලෝකයක් වුණේ ලවන්‍යාටය....ඇගේ සිනහව වුව,..නවමුවක්ය....

"බේබි නෝනා,...!"

ලවන්‍යා මඳක් බලා හිඳ,..අපූර්වාට ඇමතුවේ,..අපූර්වා පිළිතුරු දෙද්දිය...

"ම්ම්,..කියන්න!"

තවමත් අත් නොහැර,..බැඳී පැවතෙන දෑත් දෙස බලාම ලවන්‍යා කතා කරන්නට විය..

"බේබි නෝනා!,අපේ ඡීවිතේ ලස්සනම කාලේ ⁣⁣කවද්ද,...!"

ලවන්‍යා මඳක් ඉඳ අපූර්වා දෙසට හැරුණේ,...ප්‍රශ්නයක්ද අසාගෙනමය....

"ම්ම්,..මොකද එකපාරටම අපේ වුණේ,..!"

අපූර්වා ඇය දෙස නොබලාම අමුතුම හිනාවකින් එසේ ඇසුවේ,..ලවන්‍යා මඳක් ඇය දෙස කිසිත් නොකියා බලා හිඳිද්දිය...
ඉදින්,..එය නිකමට කිය වුණාය..බරක්පතලක් නැත..මොනවට කරුණු හොය හොය විමසනවාද...ලවන්‍යා හිතින්,..අපූර්වාට මඳක් බැණ වැදුණාය...

"නෑ,..කියන්නකෝ,...අපි පුංචි කාලේ,..ද ලොකු වෙලා ඉන්දැද්දිද..!"

ලවන්‍යා ඈ දිහාට බලාපොරොත්තු දෑසක් හැරවුවාය...ඉදින් එය පිළිතුරක් බලාපොරොත්තු විය....අපූර්වාට ඇයවම මතක් විය...මන්ද යත්,..ඇය ලවන්‍යා ළඟ බලාපොරොත්තු දෑසකින් කී කාලයක් නම් බලා හිඳියාද...හදවත කෙතරම් තැවුණාද...එයම එක වචනයක් නිසාවෙන් නොවෙද...අපූර්වාට මඳ හිනාවක් ගියේ,...ලවන්‍යාට උත්තරයක් දී තමන්ට මොනවා ගත හැකිදැයි සිත විමසුම් කරද්දිය...ඉදින් ප්‍රශ්නයට පිළිතුරක්,..හා තමන්ට,..ද යමක් අවශ්‍යමය......

"හරි,..මං උත්තරයක් දෙන්නම්,...හැබැයි මටත් මොනවහරි ඕන...!"

අපූර්වා මඳ හිනාවක් ලවන්‍යා වෙතට පා කලේ,..ලවන්‍යා මඳක් එක එල්ලේ ඈ දෙස බලා හිඳියේ,..ඇය අපූර්වාගේ අදහස මහා අමුතු එකක් යැයි හොඳින් දන්නා නිසාමය.....

මීදුම්...Where stories live. Discover now