මීදුම් 24

151 23 5
                                    

***
"රුවන්..පුතේ!"ගෙතුළට එන ගමනම දිගු විශාල සෙටියේ,වා⁣ඩිගෙන සිටි රුවන්ට අඬ ගෑ,වීරරත්තන මැණිකේ,අපූර්වාව ඔහුට දෑසින් පෙන්වූවාය..
සුදු පැහැ,ෂර්ටය,කළු පැහැ දිගු ඩෙනිමට යට කර,කොණ්ඩයද අමුතුම හැඩයකට කපා,සිටි රුවන්ගේ හැඩරුව නම්,සුන්දරම බව ඇය දැක්කාය..නමුත්,ඇය මේ කිසි දෙයකට අවධානය හරි හැටි යොමු කරන්නට වෙහෙසුනේ නැත..

රුවන්,අපූර්වා දෙස බලා සිනාසීයෙන්,අපූර්වාද අනෙක් ප⁣සෙට සිනාසුනද,එම සිනහව ආඩම්බරකාරය...
"මතකද,පුංචි කාලේ නංගිගෙයි අයියගෙයි ඡඩ වැඩ..ම්ම්ම්..දැන් කියලා වෙනහකුත් නැති එකේ..මොකද දෙන්නම එක ගෙට වුණෝතින්.."සේනක මැණිකේ වහෙන් ගොඩන් විත්,කාරණාවට බැස්සද,අපූර්වාට මේවා විකාරමය..

"ඔව්,ඒක තමයි..මොකද ඉතින් නොදන්නවයැ කියලය.."වීරරත්න මැණිකෙත්,සේනක මැණිකේගේ වදනට පිදුරු දැම්මාය..
"මට විනාඩියක් ඕන රුවන් එක්ක තනියම කතා කරන්න..".."විනාඩියක් මොකකද,ඡීවිත කාලෙම එකට නෙව ඉන්න යන්නේ.."සේනක මැණිකෙ පැවසුවේ උඡාරුවෙන්ය..අපූර්වා,ඇය දෙස නොබලාම,රුවන් සමග උඩු මහලට ගෑටුවේ,ඔහු සමඟ කතාබහ කරන්නටය...

"අපි මොක්කුද අම්මේ!,වලව් පැළැන්තියට කතා කරගන්ඩ දීලා මං අහකට වුනා..."වලව්වේ කුස්සියේ පිල් කන්නේ,ගැට්ටේ වාඩිගෙන කුසුමා හට කතා කරන්නේ ලවන්‍යාය..ලවන්‍යාගේ,මුවඟෙහි නොරුස්සුනා ස්වභාවය කුසුමා දැක්කද,ඇගේ කෝපයට ඉහවහා යන වදන් නොකියන්නට වග බලාගත්තාය....

"කට කට..මොනවද බන් දෝණියේ දොඩවන්නේ...මේ වලව්ව ඇතුලේ.."කුසුමා කෑගැසුවේ හෙමිහිටය..බිත්ති වලටත් කන් තියෙන බව,ලවන්‍යාට අමතක වී ගොස් ඇති බව කුසුමාට සිත්විය..
"ඇත්තනේ!,මම කිව්වේ.."ලවන්‍යා පැවසුවේ කුසුමා දෙස බලාමය..

"හා හා,ගෙදර පලයන්..,මම එන්නම්.."කුසුමා බැඳපු මාලුවන් පසෙක ඇති වළඳට දමා වැසුවේ ඇයට ගෙදර යන්නට පවසමින්ය..
"කොහේ යන්නද..පුළුවන් නම් මම යනවා...බේබි නෝනා ඉන්නය කිව්වනේ.."ලවන්‍යා ⁣පිල් ගැට්ටෙන් නැගිට ගත්තේ කුසුමා හැදු බැදපු මාලු කෑල්ලක පුසුඹටද ඉව කරමය..

"හා හා..!"මාලු දැමූ වළඳට දිගු වූ ලවන්‍යාගේ අතට ගැසූ කුසුමා ඇයට දෑසෙන් තරවටු ක⁣ළාය..
"අනේහ්,අම්මේ,..එකම එකක්..!"ලවන්‍යා දෑස් හීනි කර සිනාසුනේ කුසුමාව රුවටීමටය..
"හා හා,එකක් කාපන්..හැබැයි වතුර බීලා පලයන්.."කුසුමා ඇයට තරවටු කර අනෙක් පසට හැරුණේ,ලවන්‍යා සිනාසෙද්දිමය..

"රුවන්..!"අපූර්වා උඩුමහළෙහි ඇගේ කාමරයට ඔහු සමඟ පැමිණුනේ සල්ලාපයක යෙදෙන්නය..
"ම්ම්..මෙහෙමයි..ඇත්තටම මං මේ මැරේඡ් එකට කිසිම කැමැත්තක් නැහැ..මං හිතනවා අයියට තේරෙන්න ඇති කියලා.."ඇය බැලුවේ රුවන් දෙසය.....
"නංගිට තැන්කිව් කිව්වත් මදී...මමත් මේ මැරේඡ් එකට කැමති නැහැ,මොකද මම මගේ ලයිෆ් පාට්නර්,ව තෝරගෙන ඉවරයි...මම දැනුත් බලන් ඉන්නේ එයා දිහාමයි..."රුවන්ගේ දෑස එක එල්ලේ බැලූ කල ඇය දුටුවේ පහළ සිටි ලවන්‍යාවය..කුසුමා,සමඟ කතාබහ කරමින්,සිනාසෙන ලවන්‍යා,ව දැකි අපූර්වා,ආපසු එකඑල්ලේම රුවන්ගේ දෙස බලන්නට සැරසුණාය..

⁣නුපුරුදු තරහවකින්,සිත පිරී යද්දි ඇය තම දෑස් වසා නැවත හැරගත්තේ සුසුමක්ද පිටකරමින්ය..
"ලවන්‍යාද..!"අපූර්වා ඇසුවේ,තරමක දැඩි බවක් ගැන්වුණු කටහඬකිනි.....
"ම්ම්ම්..ඔව්..ඒකි හරි අහිංසකයි..මතකද පුංචි කාලේ මාව දැක්කත් ඇති හැංගෙන්න,අදත් එහෙමයි.."රුවන් සිනාසුණේ,අපූර්වා අතැඟිලි තම අතැඟිලි මතටම තදකරගද්දිමය...

අපූර්වා,කිසි කලෙක නොකියූ වදන් පෙළක් කියවාගෙන යද්දි,රුවන්ටද එය ⁣තේරුණත්,ඔහු නොතේරෙන ලෙස අසා සිටියේය..බයක්,සැකක් නැති ඒ වචන ස්ථීරසාර වචන බව රුවන් හට පසක් විය...
"රුවන්,!...දන්නවද...මට කවදාවත් ඕන වුණේ,නැහැ එක එකාගේ බැල්ම වට්ටවගන්න,ඒ වගේම වට්ටවන්න..ඒක නිසා,ඒ අහිංසක කමට තහංචි දා⁣ගත්තෙත්,දැම්මෙත්..මමමයි...,ඒ⁣වගේම,මොන බැල්ම වැටුණත්,ආරක්ෂා වෙන්නත්,කරගන්නත් මම දන්නවා.."අපූර්වා ඇගේ අමුතුම සිනහව පාමින් පහළ සිටි ලවන්‍යා දෙස බැලුවේ තවත් වරක් රුවන් දෙස බලාමය..

***
🌸🌼

මීදුම්...Where stories live. Discover now