මීදුම් 05

206 28 3
                                    

***
තරුණිය යහන මත දිගා වී පොරොවනය තුළට ගුලි වී සිවිලිම දෙස දෑස තබාගෙන සිටියේ,රාත්‍රී නින්ද ⁣අතුරුදන් වී ඇති බවක් පෙනී යන්නාක් සේය..අද දින සිදුවූ සෑම දෙයක්ම අතීතමතකාවර්ඡනය මෙන් මනසෙහි ඇදී මැකී ගියද,දකින්නට ආ ඒ රුව දකින්නට නොලැබෙන බව දැන දැන හදවත රිද්දාගනිමින්ය..

තරුණයා සහ තරුණිය යහන මත වාඩි වී දාඩිය ගලන ගතින් ම සිටියේ මුළු කාමරයම පැය දෙකකින් අස්පස් කළ මහන්සියෙන්ය.."අම්මෝ,මහන්සියි ඕයි..!"තරුණයාට කම් නැත ඇයට "නෝනා"යයි පවසන්නට ඔහුද රිසි නැතිය.."ඕයි,බන් උබලයි අක්කට බැරි මොකද මට නම කියලා කතා කරන්න.."තරුණිය ඔහුගේ මුවඟ දෙස බලා සිතේ සිරකරගෙන සිටි ප්‍රශ්නය ඇසීය.."අනේ,ඒකිත් අම්මා වගේමයි,වැඳගෙනමයි ඉන්නේ,ඒකනේ ඕකිට බැඳපු ගෙදරිනුත් එන්න උනේ.."තරුණයා කිසිත් ගණනකට නොගෙන කියෙව්වද ඇය එක් තැනක එක් වචනයක නැවතිණි.."මොකක්,ඒ කියන්නේ.."තරුණිය පටලවා ගත් නූල් බෝලය ලිහාගත නොහැකිව කල්පනා කළ ඔහුගෙන් ඇසීය.."ඒ කියන්නේ අර මිනිහගේ පැත්තේ මිනිස්සු කැමති නැහැ ඒකි වලව්වේ වැඩ කරන වැඩකාරියක් වෙනවට,ඒත් ඒකිට බැරිලු මේන් මේක දාලා යන්න,අම්මපා මට ඕකිගේ කම්මුලකට ගහන්නමයි හිතුණේ,අක්කේ.."තරුණයා තම සිතේ ඇතිවූ කේන්තිය ඇයට වදනින් පැවසුවේ ඇය ගැන පැවතී කෝපයත් සමඟය..

"පිස්සුද,..ඒකිට,හම්බෙද්දෙන්කෝ මං අහන්න..හොඳ දෙකක් කියලම එන්න මං.."තරුණියද ඇයට වදනින් බැන්නද හදවත තුළින් මතුවූ ඒ හැඟීම් ඇයගේ දෑස තුළ නලියන්නට විය.."ඇත්තටම කාවද බැන්දේ.."තරුණිය ආපසු කටහඬ අවදි කළාය..තරුණයා යහනෙන් නැගිට ඡනේලය අසල සිටගත්තේය.."අර ඒකිගේ පස්සෙන් ආව ආකාශ් අයියව.."තරුණියගේ දෑස විසල් වුණේ එය ඇසීමෙන්ය.."අර අර කඩ කාරයා ඌද..?".."ඔව්.."තරුණයා කෙටි පිළිතුරක් දුන්නේය.."ඇයි බන්,ඌ ගෑනු පෙරේතයා..උබලා දන්නේ නැත්ද.."තරුණියගේ දෑස් කෝපයෙන් විසල් වී ඇයද යහනෙන් නැගිට ගත්තාය..

"දන්නවා,දන්නවා,අක්කේ..!"තරුණයාද ඇයට පැවසුවේය.."දන්නවනම්,උබේ අක්කවම අමාරුවේ දැම්මේ.."තරුණියගේ දෑස තුළ කඳුළු කැට තිබුණද ඇය එය ගණනකට නොගෙන,ඔහුගේ ෂර්ටයෙන් ඇඳ තමා අසලට ගත්තද,ඔහුගේ කඳුළුවලින් පිරී තිබූ නෙත් දැක ඇයගේද කඳුළු කැට දෙකොපුල් මතින් ඉහිරී ගියාය.."මොකද වුණේ..?"තරුණිය තරුණයා යහන මත වාඩිකර ඇයද ඔහු අසලින් වාඩිගත්තේ,අතීත කතාවකට මුලපුරමින්ය..."අක්කේ ඌ අක්කට....තරුණයා එතකින් නවතන්නට හැදුවද තරුණිය,"කියන්න,"යයි පැවසුවේ දැඩි සිතකිනි..

"ඒ මිනිහා අක්කට කියලා ම් අපේ නංගිට කරදර කරනවාය කියලා...ඒක නිසා අක්කා ඒ කසාදෙට එකඟ වෙලා,ඒත් අපි නොදන්න මොනාමහරි දෙයක් අක්කා අපිට හංගනවා..අක්කේ!"තරුණයා එසේ පැවසුවේ දුකකින්,සහ කෝපය මුසු හැඟීමකිනි..

ඡනෙල් තිර රෙදි අතරින් සිරි සිරි..ශබ්දය ඇසෙන්නට ගනිද්දි ඇයගේ අඩවන් වූ දෙනෙත් ඇය විවර කරගත්තාය..ඡනෙල් කවුළු පියන් අතරින් බිංදු බිංදු ඡල බිඳිති ගලා යන්නට විය....එතකින් අවසන් නොවී ඇයවද රිදවන්නට සමත් මේ වර්ෂා පොද තවමද ඒ රුව සිහියට නංවමින් තරුණියව දවාලයි...

***

මීදුම්...Where stories live. Discover now