Chapter 2

1.4K 198 78
                                    

Think twice before making a final decision and  Avoid suspecting your loved ones because of outsiders..

____________________________________________________________________________

...Somewhere else..

...No one's P.O.V...

                   සුදු පැහැයෙන් දීප්තිමත වුණ කාමරේ තුල ලාවට පායගෙන එන ලා කහ පැහැති හිරු එලිය ඔහුගේ මූණට වැටිලා දිලිසෙන්න පටන් ගත්තා... ඒත් එක්කම වෙලාව උදේ 7.30 බව සදහන් කරමින් Alarm එක කෑගහන්න ගත්තේ කාමරයේ තිබුණ නිශ්ශබ්දතාවය බිද දමමින්... ඔහු ඇදේ ඉදගෙනම අත් හිරි අරිමින් නැගිටලා මහ හයියෙන් වදින Alarm එක පොලවේ ගැහුවේ තරහෙන් පුපුර... කෑලි කෑලි වලට කැඩිලා ගියපු ඔරලෝසුවේ කෑලි ටික දිහා බලාගෙන හිටපු ඔහු කට කොණකින් හිනා වුණේ පරණ තරහක් පිරිමහ ගත්තා වගේ...

                 ඒත් එක්කම යමෙක් කාමරේ දොරට තට්ටු කරා... ඔහු කිසිම කලබලේකින් තොරව ඇද පාමුල තිබ්බ slippers දෙකත් දාගෙන ගිහින් දොර ඇරල නැවත දොරට පිටුපාලා ඇවිදන් ගිහින් ඇදෙන් වාඩි වුණා... ඔහුට තිබුණේ ලා රතු පාට ඇස් , දිග නහය චෙරි පාට තොල් , ඕනම කෙනෙක් ට දෙපාරක් බලන්න හිතෙන ලස්සනක්... ඒත් හිනාව... මොන තරාතිරමක කෙනෙක්ගේ වුනත් ඇගේ හිරි ගඩු පිපෙන තරම් හිනාවක් ඒක... කෘරත්වය... කලකිරිම... හැමදේම ගැබ් වුණ හිනාවක්...
 
                   නමුත් එවෙලේ කාමරේට ඇතුල් වුණ කෙනාගේ තිබ්බේ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රකාශනයක්... වල ගැහෙන කම්මුල්... කපටිකම පිරිච්ච හිනාවකින් දොර උළුවස්සට හේත්තු වෙලා හිටපු ඔහු පියවි සිහියට ඉදිරියේ හිටි පුද්ගලයාගේ නොරුස්සන බැල්ම නිසා... ඔහු නැවත සුපුරුදු ලෙස සිනාවෙමින් කතා කරන්න පටන් ගත්තා...

"Jin..?"

"යන්න ලේස්ති වෙන්නේ නැද්ද ..?? "

"හ්ම්..."

       ඒ ප්‍රශ්නය හමුවේ ඔහුගේ ලස්සන මූණ තවත් බරෑරුම් ස්වභාවයක් උසුලන්න වුණා... තරමක් අදුරු වූ මුහුණ ඇතිව අකමැත්තෙන් මෙන් ඔහු Bathroom එක තූලට ගොස් දොර වසා ගත්තා... එදෙස ටික වෙලාවක් බලා සිටි  jin නැවත පඩිපෙල බැස පහලට යන්න වුණා... පැය භාගයකට පමණ පසු Bathroom එකෙන් එලියට පැමිණි ඔහු wardrobe එක අවුස්සමින් ඇදුමක් හොයන්න වුණා... ටික වෙලාවකට පසු එහි කොනේම යටටම වෙන්න තිබුණ  සුදු පාට shirt එකට තනි කළු Full suit එක ඇදගෙන කණ්ණාඩිය වෙත ගොස් තම ප්‍රතිරූපය දෙස බලා සිටියේ යටි අදහසක් හිතේ හොවාගෙන ඉන්නෙකු විලසින්... ඒ විදියටම කණ්ණාඩි මේසය මත තිබුණු sent එක අරගත්ත ඔහු එය Shirt collor එක යටට ගසාගෙන කාමරයෙන් එලියට ගියා... ඔහු ගේ මුහූණේ තිබුණේ කලබලකාරී ස්වරූපයක්... Living room එකේ කීප වරක් එහාට මෙහාට ගොස් නැවත වාඩි වී දිගු හුස්මක් ඉහලට ඇදල වේගෙන් පහලට දමන , විටින් විට ඇස් වසාගෙන සිත සැහැල්ලු කරගන්න හදන ඔහු දිහා බලාගෙන පැමිණි Jin පහලට අවුත් යමෙකුට දුරකතන ඇමතුමක් ගත්තේ සෝෆා එකේ අනිත් කොනේ වාඩි වෙන ගමන්...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now