Chapter 6

759 138 58
                                    

As long as you have a friend who can cure the pain, you will be as strong through the pain as Yibo.
____________________________________________________________________________

...Wang Yibo's P.O.V...

            "මට දුකයි.. දරාගන්න බැරිතරන් දුකයි... මම නිසා මගේ යාළුවත් දුක් විදිනවා.. කරදර වෙනවා... මට මේ ලෝකේ බලන්න බැරි දේවල් දෙකයි.. මට මගේ යාළුවොන්ගේ කදුළු බලන්න බෑ... මගේ මැණිකගේ දුක බලන්න බෑ.. ඒත් අද මං නිසා ගලක් වගේ ඉන්න යූබින් ගේ ඇස් වල කදුළු පිරුණා... හැමදාම මට හයියක් වුන එයා අද අඩන්න ඔන්න මෙන්න... "මචන් උඹට පුළුවන්" කියල මාව නැගිටටවන යාළුවා අද අඩනවා... එයත් මං වගේ.. ලේසියෙන් හැගීම් පෙන්නන කෙනෙක් නෙවේ... මේ අවුරුදු 16ට කවදාවත් කදුලක් වැටෙනවා දැකල නැති එයා අද මං නිසා අඩනවා..අඩනවා...? නෑ එයා ඇත්තටම මට වඩා ශක්තිමත්.. පිරිච්ච කදුළු වැටෙන්න නොදි අත් තද කරගෙනම එයා ඇවිත් මගේ ලගින් ම බිම වාඩි වුණා... මං දන්නවා මං කරන දේවල් වලින් හැමෝටම රිදෙනවා.. ඒත් මොනා කරන්නද.. අනිත් අයගේ සතුට වෙනුවෙන් හිනා වෙලා මට ඇති වෙලා දැන්.. අනුන්ගේ සතුට වෙනුවෙන් දුක් විදපු මම වෙනුවෙන් අඩන්න ඉන්නේ මගේ යාළුවෝ විතරයි... මොකද්ද මේ ජීවිතේ තේරුම...? අම්ම තාත්තා මාව දාලා ගියේ මට ලොකු වගකීමක් බාර දීලා... Zhanzhan.. "එයා ඔයාගේ ආදරේ තේරුන් ගන්න කන් පරිස්සමින් බලාගන්න පුතේ" මගේ මමා මට අන්තිමට කිව්වේ ඒක.. මාව දාලා යන්න එපා කියල කෑගහ ගහ අඩද්දි , තත්වේ පැත්තකට දාලා මං වැලපෙද්දි මං ආදරේ කෙනාවත් මං ලග නෑ... එදත් හිටියේ අද වගේම Yubin විතරයි... මමා මට සමාවෙන්න මමා... ඔයාගේ පුතා ඔයාට දීපු පොරොන්දුව කැඩුවා මමා... Zhanzhan මාව තේරුම් ගත්තා.. ඔයා හරි.. ඒත් පරක්කූ වැඩියි මමා... එයා පරක්කු වැඩියි..දන්නවද මමා.. ඔයාගේ පුතා Zhanzhan එකක් සතුටින් හිටියා මමා... ඒත් එයා ගියා මමා.. එයා ආයෙම ගියා... මට එයාව බලාගන්න බැරි වුණා මමා.. i am sorry.. දන්නවද මමා එයා මට කිව්වා කවදාවත් දාලා යන්නෑ කියලා.. හැමදාම මං ලගම ඉන්නවා කිව්වා මමා... අනේ මමා... මට සමාවෙන්න.. ඔයා එදා කියපු වචන ටික මට තාම තාම මතකයි මමා.. ඒත්.. එයා ගියා මමා... මාව තනියම දාලා එයා ගියා... යූබින් විතරයි මමා ඉන්නේ මට යූබින් විතරයි... ආ... තව Lele ඉන්නවා.. එයා එදා මට මොකක් හරි කියන්න හැදූවා මමා... මට ඒක අහගන්න බැරි වුණා... මං අඩපු නිසා එයා lele ඒක කිව්වෙ නෑ... ම..මං අහගන්නං මමා අද lele ආවාම... මමා මට ඉස්සර කියනවා නේද කෙනෙක් දෙයක් කියනකොට ඒක අහගන්න කියලා... මට අමතක වුනානේ මමා... මම අහගන්නං හොදද.. මගේ හිත විතරක් නෙවෙයි ඇගත් රිදෙනවා... යූබින්... ඒයා මගේ අත මිරිකල අල්ල ගෙන.. සමාවෙයන් බන්.. මං හැමදාම අඩන්නෑ... සමාවෙයන් උඹලව රිද්දනවට...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now