Chapter 13

501 105 47
                                    

⚡It happened again... But only for revange..
_____________________________________________________

...Xiao Zhan's P.O.V...

                  " දැනට මාස හයක් වෙනවා මං එයා ලගට ආය ගිහින්... මගේ කියල මට තිබුන හැමදේම නැති කරේ එයා... ඔව්.. මම මටත් වඩා ආදරේ කරපු එයා... හහ්... ඇයි මාව විහිළුවට ගන්නෙ... මගේම හිත මට හිනා වෙනවා... ඔව් එහෙම වෙන්න එපැයි... මේ මම මයි එයාට හැමදේම අතෑරල දාලා හැම වැරැද්දක්ම අමතක කරල දාලා සමාව දීලා ආදරේ කරේ... ඉතින් දැන් මම ම කියනවා මං එයාට වෛර කරනවා කියල... මගේ අත් වලින්ම ආදරෙන් තුරුළු කර ගත්ත එයාව මගේ අත් වලින්ම මරන්න හදනවා... මං මොකක් හරි කරපු පවක් වෙන්න ඇති... දැනිලා තියෙනවද ඒ වේදනාව...??ඒක හරියට පිහියකින් අනිනවා වගේ හැගිම්ක්... නෑ... ඇත්තටම ඒකට උපමා නෑ... මට දුක නෑ කියලද හිතුවේ... මං නපුරුයි කියලද හිතුවේ... ඔව් ඔයාලාට එහෙම හිතන්න පුළුවන්... මොකද දැන් ඉන්න මම තමයි ඒ... ඒත්.. ඒත්.. තාමත් Zhan Yibo ට ආදරෙයි... ඒක තමයි මගේ නැවතුම... ඒ උණුහුම අස්සෙ තාමත් මට මාවම අමතක වෙනවා... එයාගෙ එක එල්ලෙ බලන බැල්ලමට තාමත් මගේ හිත ගැස්සෙනවා... මාත් ආසයි ආදරේට... මාත් ආසයි සතුටින් හිනා වෙලා ඉන්න... ඒත් කෝ මට අවස්ථාවක්... කොහොමද මම දෙවෙනි වතාවටත් එයාව ආයම විශ්වාස කරන්නේ.. කොහොමද මම දෙවෙනි වතාවටත් එයාට සමාව දෙන්නේ... මගේ ආදරේ... මගේ අයියා.. හැමදේම.. අන්තිමට මට මාවත් නැති වුණා... මට මාවත් නැහැ... මට රිදෙනවා... මගේ පපුව කෑගහ ගහ අඩනවා... තාමත් ඒ ඇස් අස්සෙන් ආදරේ හොයනවා... මට දැනෙනවා එයාගෙ ආදරේ.. මට දැනෙනවා එයාගේ පසුතැවීම... ඔව් එයා පසූතැවෙනවා... මගේ අයියා වෙනුවෙන්.. මගේ නැති වෙච්ච ආදරේ වෙනුවෙන්... දැනුවත්ව හෝ නොදැනුවත්ව... මං ආදරේ කලා හෝ නොකලා එයා මොනවද Yibo ඔයාට කරේ.. ඒ අහිංසකීව මරල දාන්න තරන්... ඔව් මටයි වැරදුනේ... හිතක් පපුවක් නැති මිනිහෙක්ට සමාව දීලා මමයි වැරැද්ද කරේ... මගේ අරමුණ... I wanna follow it.. ඒත්... එයා ඉස්සරහ නිතරම මට හැමදේම අමතක වෙනවා.. ඉබේම මාව එයාට නතු වෙනවා... කොහොමද මම මාව නවත්තගන්නේ.. මේ දවස් දෙකේම ඔෆිස් ආවෙත් නෑ... ඇයි දන්නෑ... එක අතකට මට මොකද.. ඒ උනාට ඒ මගේ... මගේ..??මගේ..??යෙස් ඒ මගේ බොස්.. හ්ම්.. මං එයාගේ සෙකට්‍රි... එයා නැති වුනාම මට ඉන්න හිතෙන්නෙ නැත්තේ ඇයි.. කම්මැලිකමද.. නැත්නම් මම ආයෙමත් එයාට... නෑ Zhan නෑ... it's Just boring... හෙට ගියහම Yubin ගෙන්ම අහල බලනවා... "

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now