Chapter 41

487 37 14
                                    

I know it now... I have no life without you
____________________________________________________________

Wang Yibo's P.O.V

...After 1 month...

Aish...

එහාට මෙහාට ඇවිද ඇවිද හිටපු මම එක තත්පරේකට නැවතිලා කාමරේ දිහා බැලුවා... ආදරෙන් නැතත් එයත් එක්ක මම නිදාගනිපු කාමරේ පිස්සන් කොටුවක් වෙලා තිබ්බා... එයා මගේ ඇස් මානෙන් ගිහින් මාසෙයක් පහුවෙන්න එනකොට මම අන්තිම වෙනකොට එහෙට නොගියපු දවසක් නැති වුණා... හැමදාම තරහව තරහව කිය කිය එයාගෙන් පලිගනිපු මට වැරදි තේරෙනකොට එයා මාව අතෑරලා දාලා තියෙනකොට අතට අහු වුණ හැමදේම බිත්ති වල වැදිලා කුඩු වෙලා ගිහින් තිබුණා...

මේ මාසෙ ගෙවිච්ච දවස් ගාණට මම තේරුම් ගත්ත එක දෙයක් තිබුණා ඒ මං එයාට ආදරෙයි කියන එක වෙනකොට මට එයාව ලගට ගන්න ඕන වුණත් මට මේ දේවල් ආයම හරි ගස්සන්න ඕන වුණත් එයාගෙන් මට කිසිම අවස්ථාවක් නොලැබුණා... එයා නොහිටපු මාසෙට ආයෙමත් මේ ගෙදරම හිස් වෙලා ගිහින් තියෙනකොට එයාම ඉන්දපු රෝස පැල ටික ටික එකෙන් එක මැලවෙන්න අරන් තිබුණා... හිනා සාගරයක් වෙලා තිබුණ ගෙදර ආයෙමත් පරණ හුස්මක් ගන්න සද්දයක් ඇහෙන්නැති තැනක් වෙලා යනකොට දවල් තිස්සෙ එක එක වැඩ වලට හිර වෙලා රෑට ක්ලබ් ගිහින් එලිවෙන ජාමේ ගෙදරට එන මගේ ඇස් වටේ කළු වෙලා ගිහින් තිබුණා...

එයා මාව ගණන් නොගෙන ඉන්න එකට වඩා මගෙන් එයාට වුණේ සමාව ඉල්ලන්න පුළුවන් විදියෙ වත් වරදක් නෙවෙයි කියල දැනෙනකොට මාව කඩා වැටෙන්න අරන් තිබුණා... කොටින්ම කොහෙවත් ඉදන් ආව එයා හැගීම් විරහිතව ඉන්න ගිය මට ආය ආයම හැගීම් කවන්න පටන් අරන් තිබුණා... මගේ මූණට හිනාවක් ගේන්න වගේම මාව සම්පූර්ණම විනාස කරල අවුල් ජාලයක් කරල දාන්නත් එයාට පුළුවන් වෙලා තියෙනකොට ඉරි දෙක තුනක් ගියපු Dressing table එකේ කණ්ණාඩියෙන් මම ඇදිලා ගිය මං දිහාවම බලන් උන්නා...

එයාව දකිනකන් මගේ හිතට නිවනක් නැති වෙනකොට මම යූබින් ගේ ගෙදර ඉස්සරට නොගිය දවසක් නැති වුණත් ඒ කිසිම දවසක එයාගේ ජායාවක්වත් මට පේන්න නැති කොට එයා දිගින් දිගටම මාව ප්‍රතික්ෂේප කරන්න ගත්තා... කෑම පවා මට අප්පිරිය වෙලා තියෙනකොට එහෙන් මෙහෙන් වැවිච්ච රැව්ලත්,කොන්ඩෙත් එක්ක ඇදිලා ගිය මාව කවුරු හරි දැක්කොත් මේ මොකෙක්ද කියල හිතෙන ගාණට වැටිලා තිබුණා...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 07, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now