Chapter 31

464 51 74
                                    

⚡How and for whom love arises is an unspeakable coincidence
_______________________________________________________________

Xiao Zhan P.O.V...

පාරේ යන එන වාහන දිහා බලන් ඉදපු මම රෑවෙන්න රෑවෙන්න වාහනෙන් වාහනේ අඩුවෙලා යන හැටි බලන් හිටියා... සමහරු සතුටින් සමහරු දුකෙන්.. මහන්සියෙන්.. වෙඩින් එක ගන්නව කියපු දවසේ ඉදල මාව නොදැකපු යීබෝ... හෙට උදේ ඉර පායන කන් මගේ සම්පූර්ණ අයිතිය මට තිබුණට හෙට ඉර බැහලා යන්නෙ මාව නීතියෙන් එයාට පවරණ ගමන්... මගේ අයිතිය එයාට දෙනගමන්... ආදරේ නැති තැන රැදීමක් තියෙනවද... කොලේකට විතරක් සීමාවෙන මේ බැදීම ඇතුලේ කොහොම ජීවත් වෙන්නද කියන එක මේ දැන් මේ මොහොත වෙනකන්ම ප්‍රශ්නයක්... හැමදාමත් අම්මා තාත්තා ලග නොහිටියත් අයියා එක්ක ඉදපු මට හෙටින් පස්සෙ මොන වගේ දේවළ් වෙයිද කියන එක... යීබෝ Lusi ව අතත්රින්නෑ කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැති මට බර හුස්මක් පිට වුණා... ඒ කියන්නෙ මේ නමට සිමා වෙන බැදීම ඇතුලේ මම සමාජෙට.. එයාගේ Husband වෙද්දි... සමාජෙට Donna වෙද්දි... එයාගේ හිතේ..??එයාගේ හිතේ මම කොතණද ඉන්නෙ... පිටස්තරයෙක්... Arranged marriage එකකින් නාමමාත්‍ර බැදීමක් දෙන පිටස්තරයෙක්...

Mom කිව්ව වගේම එයාට මාව පිටස්තරයෙක් වුනත් හෙටින් පස්සෙ එයා මගේ Husband... මට එයාව ඕන වෙලාවට එයා නැතත් එයාට මාව ඕන හැම තත්පරේකම එයාගේ ලගින් ඉන්න මම මටම දීපු පොරොන්දුව... මගේ අම්මා Caramam aunty ට දුන්න පොරොන්දුව...

"Fighting Zhan.."

මොන දේ වුනත් දරාගන්න පුරුදු වෙන්න හෙටින් පස්සෙ වෙනස් වෙන ජීවිතේට... මම මටම තේරුම් කරල දෙන්න උත්සාහ කරා... වෙලාව එකහමාරට කිට්ටු වෙලා තිබ්බත් නින්ද අහලකවත් නැති වෙද්දි පැනඩෝල් දෙකක් බිපු මම එහෙමම ඇදට වැටුණේ හිතට නිදහසක් නැති තැන....

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now