Chapter 29

305 47 48
                                    

Italy will change their lives but not for the better but fucking sadly...
_____________________________________________________

...Xiao Zhan's P.O.V...

"Zhan..."

තවත් එක ආදරණීය ආදරවන්තයෙක්ගේ මගකින් නැවතුණු විරහව අකුරු කරල තියෙන හැටිත්.... ඒ වචන තාලෙකට පෙරලලා තියෙන හැටිත් මං අහන් හිටියා.... ඒක හරියට පිස්සෙක් තවත් පිස්සෙක් ගේ කතාව අහනව වගේ වුණා... මොකද මමත් ආදරේට පණ දෙන්න බයේ ඉන්න ආදරණීය විරහවක අයිති කාරයෙක්...

Lusi... මීට කාළෙකට කලින්... අපි Collage students ල විදියට හිටපු කාලේ මගේ ආදරේ... මං අදටත් දැනගෙන හිටියේ නෑ මං එයාට ආදරේ කරේ ඇයි කියලා... ඒක ලස්සනට හෝ වෙනත් දෙයක් මත ඇතිවෙච්ච ආදරයක් නොවුනත් මට කාලෙත් එක්ක තේරුණේ එයාට ගැන එහෙම හැගීමක් නෑ කියලයි... නෑ හැගීමක් නෑ නෙවෙයි එයාත් මට ආදරේ කරා... කරා කියලා මං හිතනවා... මට හේතු තියෙනවා... ඒත් මං දන්නෑ..

හැබැයි මං එක දෙයක් දන්නවා...

මිනිස්සු වෙනස් වෙන්නෙ කාලගුණය වගේ...

හරියට මේ පායලා තිවිලා එකපාරට අදුරු කරලා වහිනව වගේ වුණා... හැබැයි ඒ හැමපාරටම අවටත් ඒකට හැඩ ගැහුණා... හරියට පායද්දි පියාඹලා කෑම හොයපු කුරුල්ලො වහිද්දි කූඩු වලට වුණා වගේ... වහිද්දි තෙත් වෙලා මැලවුණු සූරියකාන්ත අව්වත් එක්ක පණ ගහලා ආවා වගේ... ඒත් ලූසිගේ ආදරෙත් එක්ක වෙනස් වුණ මගේ වටපිටාව ඊට හාත්පසින්ම වෙනස් වුණා...

මිනිස්සුන්ට අපි කසාද බදින එක නවත්තන්න පුළුවන් වෙයි... හැබැයි අපි ආදරේ කරන එක නවත්තන්න බැ..

මං හිටියේ ඒ මතේ... හැමදාටම තනිකඩව ඉන්න කියලා හිතාගෙන.... ඒත් විශ්වාස කරන්න දෛවය කොච්චර අමුතුයිද කියනව නං... මං ඉපදෙන්නත් කලින්ම මං ජීවත් වෙන්න ඕන කෙනා... මං මගෙ ආදරේ දෙන්න ඕන කෙනා තෝරලා තිබුණා... දන්නවද ඒකත්... මගේ කලින් ආදරේ ගේ අළුත් බෝයි ෆ්‍රෙන්ඩ්... අළුත් නෑ එයාලගේ අෆෙයා එකට අවුරුද්දකට වැඩියි... ම්ම්ම් ඔයාලා හරි ඒ යීබෝ... මට ඕන වුණා එයාට කියන්න ලූසි ට ආදරේ කරාට සීමාවක් තියාගන්න කියන්න... මොකද එයා දැනන් ඉදියේ නෑ ලූසි ගෙයි මගෙයි අෆෙයා එක ගැන... ඒත් මට බැරි වුණා... මං දන්නෑ යාළුකමක් කියන නම මම දුන්නට මට යීබෝ ගැන තිබ්බෙ වෙනස් හැගීමක්... මට කියන්න ඕන වුන්නෑ ඒත් දැන් කියන්න වෙලා... මොකද එයා ගෙදරින් දැනගන්න කළින් මට එයාට කියන්න ඕන වුණා... එයා මොනවිදියට රිඇක්ට් කරත් මට ඒකට මූණ දෙන්න වෙනවා...
යීබෝ මේකට අකමැති වෙයි කියන්න මට අමුතුවෙන් කියන්න ඕන වුන්නෑ... මොකද එයා ලූසිට පණ ඇරලා... මං වගේම... කමක් නෑ එයා සතුටින් නං මට කමක් නෑ... ඒත් මං පොරොන්දු වෙනවා එයාට ඕනම වෙලාවට එයා ලග ඉන්න... මමා කැරමන් ආන්ටිට පොරොන්දු වුණා වගේම මට මොනවම වුනත් එයාව රැකගන්න... මොකද දැක්ක දවසේ ඉදලා එයා ගැන මට තිබ්බ මං නොදන්න හැගීම ඒකපාර්ශ්වික ආදරයක් කිව්වොත් මං හරි... මං නොදැනම එයාට ආදරේ කරල තිබුනා... මොනවටද නොදන්න මොනවටම හරි මං එයාගේ කැමති වෙලා තිබුණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now