Chapter 33

242 32 54
                                    

Some time the dreamers finally wake up...
___________________________________________________________________

Xiao zhan's P.O.V

             ලොකුවට හවස් වෙලා නොතිබුණත් අහස පවා කලු කරල තියෙද්දි පාරේ වාහන නැතිකොට මම ඔහේ ඇවිදන් ගියා... කොච්චර දුරක් ගියාද කියලවත් හිතන්න උවමනාවක් නැතිකොට කිසිම අරමුණක් නැතුව මම ඇවිද්දා.. යන්නෙ කොහොටද කරන්න ඕන මොනවද කියලවත් නොහිතා මම ගියා.... මේක මම කැමතිම vibe එකක්... ඒත් කොයිවෙලෙත් හිතන මහන්සි වෙන හිත ඒවයින් නිදහස් වෙන්නෙ මේ වගේ හිත රිදුනම විතරයි කියන එක මටම පැහැදිලි වෙලා තිබුණා... දුර යන්න යන්න මගෙන් වැටෙන කදුළු වගේම රිද්ද ගත්ත හිතත් ටික ටික සාමාන්‍ය වෙන්න අරන් තිබුණා... හැමදාම මෙහෙම ඉන්න පුළුවන් නං මං ආසයි අරමුණක් නැතුව ඔහේ ඇවිදින්න... ඒ හැගීම මම හැමදාම වින්දෙ හිත රිදෙන වෙලාවකට විතරයි ඒත් මම ඒකට ආසයි...

                කෙනෙක්ට හිතෙයි මොන විකාරයක්ද කියල ඒත් ඒක විදින්නම ඕන හැගීමක්... යාන්තමට හවස් වීගෙන එන අහසක්... වැඩි තදබදේ නැති පාරක්... ඇගම හීතල කරන් ඇදුම අස්සෙන් පවා රිංගලා යන හුලග මාව සැහැල්ලුම කරලා දැම්මා... කෙටියෙන්ම මේක බෙහෙතක්... එක මොහොතකට ඔයා ඉන්නෙ මොන වගේ හැගීමක වුණත් ඒ ඔක්කොම අමතක කරවලා දාලා සැහැල්ලු කරල දාන්න පුළුවන් ඇබ්බැහියක්...

                    නිදහසේ ඇවිදන් ගිය මම ෆෝන් එක අතට ගත්තෙ මැසේජ් එකකට වයිබ්‍රේට් වෙච්ච නිසා වෙනකොට ලොක් ස්ක්‍රීන් එකේ උඩින්ම වැටිල තිබුණෙ A-li ගෙන් msg එකක් වෙද්දි yibo ගෙනුත් මිස්කෝල්ස් ගොඩක් තිබුණා... එයා මාව හොයනව ඇති... යාළුවො පස්සෙන් ආව බව මට මුලදි මතක තිබුණත් එයාලා මගෙන් වෙන්වුනෙ කොතනදිද කියල සිහියක් නැති තරමටම මම මගේ ලෝකෙ ඉදල තියෙන්නෙ කියල මතක් වෙනකොට මම නිදහසේ ලොකු හුස්මක් ඇදල හිනා වුණා... මේක හරි සැහැල්ලුයි... මට මාව ඕනවටත් වඩා සැහැල්ලු වෙලා කියල දැනුනා... මෙච්චර වෙලා calls alert ආව ෆෝන් එක ආය වයිබ්‍රේට් වුණා ම්ම්ම් එයාගෙන් msg එකක්...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now