Chapter 24

516 94 69
                                    

⚡ It's Hard to imagine that our love is a story with an end..
- Xiao Zhan & Wang Yibo
____________________________________________________

අධික වේයෙන් ධාවනය කල යීබෝ පැය භාගයක් පමණ ඇතුලත Jin house එකට එන්නට සමත් වූ අතර ඔහු නිවස දෙසට දිව යන්නට වුනේ කිසිදු තැකීමකින් තොරවයි... Darren කිව්ව ලෙසම කිසිවෙක් ඔහුව නැවත්වීමට නොපැමිණි අතර මැදි වියේ කාන්තාවක් සාලය මැද සිටගෙන සිටින ඔහු දෙස බලන්නට වුණා....

උඩ තට්ටුවට පා තැබූ ඔහුගේ හද වේගයෙන් ගැහෙන්නට වූ අතර කාමර කීපයක් පසු කරමින් ඇවිද යාමෙන් පසු හමුවූ කොරිඩෝවේ කොණට වෙන්නට තිබූ තරමක් ඇදුරු මුත් බාගෙට හැර දමා තිබූ දොර ඔහුගේ දෑසට හසුවුණා...

හේතවක් පවා නොදැන සිටි ඔහු පය පැකිලෙමින් දොරට අත තැබූ අතර තරමක හඩක් නංවමින් එය විවර වුනේ තනිකර කලුවර කාමරයකට ඇද දමමින්... අදුරේ සාක්කුවේ තිබූ තම දුරකතනය අතට ගත් යීබෝ ටෝච් එක On කරගෙන සෙමින් අඩිය තබන්නට වුනත් ලීයෙන් නිම වී තිබූ පොලවේ අඩි ශබ්ද ඇතිවීම වලක්වාලිය නොහැකී වුණා...

...Wang Yibo's P.O.V...

ඉක්මනට යන්න කියපු නිසාත් හිතේ තිබ්බ ආවේගෙටත් එක්ක මං ආවද පියැඹූවද කියල මටවත් හිතා ගන්න බැරි වුණා.... කාර් එක නවත්තපු මම ඉක්මනට ඇතලට ඇවිදන් ගියත් වෙනදට ඉන්න Bodyguards ල වත් හිටියේ නැති කොට Darren කිව්වා වගේම මාව කාවවත් නැවැත්තුවෙත් නෑ...
"Second floor එකේ කොණේම room එක" Darren කියපු එක මට මතක් වුණා වගේම living room එකේ මැද හිටගෙන හිටපු මම කෙලින්ම උඩ බැලුවා.... එතකොටයි මං දැක්කේ ටිකක් වයසක ගෑණු කෙනෙක් පිටිපස්සට යන්න තිබ්බ door එක ගාව හිටගෙන මං දිහා බලන් ඉන්නවා... එයාගේ මූණේ කිසිම ප්‍රශ්න කිරීමේ ස්වරුපයක් තිබ්බෙ නෑ අනික තිබ්බත් මට මොකද.. මීට කලින් මං මේ ගෙදරට ඇවිත් තිබුණත් වෙනදා මට දැනුනේ නැති විදියේ අමුතු හැගීමක් ඇද දැණුනා... සමහරවිට Zanjin Basement එකේ හිටපු නිසා වෙන්න ඇතී.. ඇයි ඌ එතන කියන ප්‍රශ්නෙටවත් මට උත්තරයක් හම්බුනේනැති නිසා මං හිටියේ ගොඩක් කලබලෙන්... රව්මට තිබ්බ පඩිපෙල නැගපු මම ඉස්සරහට ඇවිදන් ගියේ පේලියට තිබ්බ rooms එකින් එක Pass කරගෙන... කිව්වා වගේම කොණේම ලී දොරක් එක්ක කාමරයක් තිබ්බා වුනත් එකේ Fingerprint lock එකක් තියනවා... එතොකට කොහෙමද ඇතුලට යන්නේ... කොහොම හරි යන්න හිතාගෙන දොරට අත තියව්වම නොහිතපු විදියට එක ඇරුණේ පොඩි සද්දෙකුත් පිටවෙද්දී... ලයිට් එකක්වත් නැති කාමරේ මෙලෝ සංසාරයක් පෙන්නුන්නැති නිසා මං phone toach එක ගහගෙන ඇතුලට අඩිය තිබ්බා.... මං තියන තියන කකුල ගාණේම සපත්තු අඩිය බිම වැදුනම එන සද්දෙත් එක්ක ඒකේ බිම ලී වලින් හදලා තියෙන්නේ කියල මට තේරණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now