Chapter 16

496 97 84
                                    

The final decision is whether I love you right or wrong
_______________________________________________________

         සිදු වන්නෙ කුමක්ද යන්න ගැන Zhan ට කිසිදු අදහසක් නොතිබූ අතර හදිසියේ සිදූ දෙයින් ඔහූ කලබලයට පත්ව තිබුණා.... තමාගේ කට අතින් අල්වාගෙන සිටි අත තම අතින් අල්ලා ගත් ඔහු එය ඉවත් කිරීමට හැදුවද ඉන් එය තව තවත් තද වන්නට වුනේ තම පිටුපසින් ඔහුගේ ගොරෝසු හඩ පිටවීමත් සමගයි....

"Mr.Xiao Feng තමුන් දගලන්නැතුව හිටියොත් කරදරයක් වෙනකක් නෑ "

               ඒත් සමගම පිටූපසින් ඇද ගත් රෙදි  පටියක් ඔහුගේ දෑත් වලට හා දෑස් වලට හිරවුනේ තවදුරටත් කිසිදු ආකාරයකට හෙල වීමට හා කිසිදු දෙයක් දෙස බැලිමට නොහැකි වන ලෙසයි... යන්නෙ කොහෙද කියා හෝ තමා අසල සිටින්නෙ කවුද කියාවත් අදනාගත නොහැකි වූ නිසාත් තවත් කලබල කිරීමෙන් තේරුමක් නැති බව තේරුණ නිසාත් ඔහු සන්සුන් වන්නට වුනේ වෙන දේකට මූණ දෙන්න හිත හදාගෙන යි....

               පැයකට පමණ පසු වාහනයේ වේගය බාල වනවත් සමගම එය තමාව පිටතට ඇද ගන්නවා ඔහුට දැනුණා... එලියට ඇදීගියත් ඉන්නෙ කොහෙද යන්න ගැන ඔහුට කිසිදු වැටහීමක් තිබුනේ නැහැ... පිටතින් කිසිදු ශබ්දයක් ද ඇහුනේ නැහැ ඒත් සමගම ඔහුගෙ ගෙලපිටිපසින් අල්ලාගත් අයෙක් ඔහුව තල්ලු කරගෙන ඉදිරියට ගෙන යන්නට වුනේ Zhan ඉබේම ඒ පසුපස ඇදි යද්දී.... මද දුරක් ගොස් ලිෆ්ට් එකකට නැගුණු ඔවුන් Zhan ව පටු යමක් දිගේ රැගෙන යන බව ඔහුට දැනුණා... මොහොතකින් තැනක නැවතුණ ඔවුන් Zhan ව කාමරයක් තුලට තල්ලු කලේ ඔහු විසීවි ගොස් එහි වූ යමක කකුල ගැටෙද්දී.... දැණුන වේදනාව නිසාත් මෙපමණ වෙලා හිර කරගෙන සිටි බයත් කදුළු බවට පරිවර්තනය වී ඔහුගේ දෑස් වලින් ගලා යන්නට වුණා... වේදනාවක් දැනුනත් දෑත් බැද තිබූ නිසා අතගා ගැනීමටවත් නොහැකිව ඔහු අසරණ වන්නට වුනේ පුරුද්දට මෙන් යීබෝ ගේ නම ඔහුගේ දෙතොලින් පිට වෙද්දී.... ඉතින් මෙවන් මොහොතක යීබෝව හතක් වන්නේ ආදරයට නොවේ නම් කුමකටද...??

           එය කෙසේ වුනත් ඒ මොහොතේ ඒ ගැන සිතීමේ මානසිකත්වයක් ඔහුට තිබුනේ නැහැ... දිගින් දිගටම කදුළු ගලා යන්නට වූ අතර අද අසල වූ බිත්තියකට හේත්තු වූ ඔහූ ඒහි වූ නිහඩ බලට සවන් දෙන්නට වුනේ ගතවන මොහොතින් මොහොත හද ගැහෙන වේගය වැඩි වෙද්දී....

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now