Chapter 20

434 88 61
                                    

Him > Love > Revenge > Fate
______________________________________

දින සති ගෙවි ගිය අතර තවත් මාස 03 මං ගෙවි යමින් පසු දින සූර්යයා බබලන්නට වුනේ ඔවුන්ගේ එක්වීමට මාස 10ක් සපුරාලමින්... මාස 10 ගත වීගොස් තිබූ අතර තම හැගීම් තවමත් Zhan ගැටළුවක්ම පමණක් වුණා.. පෙරට වඩා යීබෝ තුලින් ඔහු සැබෑ ආදරය දුටුවද ඔහු බිය වුණා එය පිළිගැනීමට... මොකද වෙච්ච දේවල් වගේම තමන්ගේ අයියගේ මරණයත් Zhan තුල හොල්මන් කරන්නට වුණා...

සදු පැහැ T shirt එකට උඩින් අත්දිග Shirt එකක් ඇදගෙන සපත්තු දෙක දමමින් සිටි Zhan පියවි සිහියට පැමිණියේ පහත මාලයෙන් ඇසුණු යීබෝ ගේ කටහඩින්...

"බනී... ඔයා එන්නැද්ද දැන්ම ආ..."

බනී... බනී... Zhan/Feng ගේ දෙකන් තුල ඒ නම දෝංකාර දෙන්න වුනේ ඔහුටත් නොදැනුවත්වම කදුලක් දෑස් තෙමාගෙන බිමට වැටෙද්දී.... තමන්ට ඒ නමින් Yibo ඇමතුවේ දවස් කීයෙන් කීයද යන්න Zhan/Feng ට සිහිපත් විණි... ඔහු කොතරම් ආස වුනත් Yibo ට හැමදාමත් එය විකාරයක්ම පමණක් වුණා.... නමුත් දැන්...??
ඔහුට තවත් යමක් සිතීමට ඉඩක් නොතබාම කාමරයට ඇතුළු වුණ යීබෝ සිටි තැනම හිදගෙන බලා සිටින්නට වුනේ පුදුමයෙන්.... තමන් බැන්නෙත් නැත... සිත රිදෙන කිසිවක් කීවෙත් නැත... නමුත් ඔහු හඩයි... යීබෝට එය වේදනාවක් වූ අතර ඔහු තමා කිසිවක් පැවසුවාදැයි කල්පනා කරන්නට වුණා... බනී... එත් සමගම එය සිහිපත් වූ යීබෝ ගේ මුහුණ දුකින් පිරි යන්නට වුනේ තමන් ඔහුගේ සිත රිදවූ බව සිතමින්... Zhan ගැන වටින් ගොඩින් පැවසූ දේවල් අතර මෙය තිබූ බව යීබෝට සිහිපත් වන්නට වුනේ තම දෑස් හැර සපත්තු දමිමින් සිටි Zhan/Feng අසල දන ගසාගෙන ඔහුගේ දෑත් අහකට කර ලේස් එක ගැටගසමින්...

කිසිවක් නොපවසා එදෙස බලා සිටි Zhan දෙස බැලූ යීබෝ ඔහුගේ කදුළු පාරවල් පිහදාන්නට වුණා...

"සමාවෙන්න gege... මට ඔයාව Zhan වගේම දැනෙනවා... ඒක්..."

"It's okay bo.. මං එන්නං ඔයා යන්නකෝ දැන්... "

කදුළු පිටි අත්ලෙන් නැවත පිහිදාගත් ඔහු එසේ පැවසූ විට යීබෝ යන්නට නැගිට්ටත් Zhan/Feng නැවත ඔහුගේ අත අල්ලාගන්නට වුණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now