chapter 39

289 38 24
                                    

I  just want to hide from him...
__________________________________________________________

"අහ්ම්න්.."

කොච්චර අපහසු විදියකට හිටියා වුණත් ඇගට දැනිච්ච තෙහෙට්ටු ගතියටම නින්ද ගියපු මාව වෙලාව කීයද කියලා හිතා ගන්න බැරි වෙලාවක ඇහැරුණේ ආයම වැදිච්ච වතුර පාරකින් නිකන්ම නිකන් වතුර නොවුණ අයිස් කැට මහ ගොඩක් මගෙ ඇගේ වැදිලා සිමෙන්ති පොලවට සට සට ගාලා වැටෙන්න ගත්තා වගේම මගේ දත කට පූට්ටු වෙලා ගියා... කන් පවා අගුල් වැටිලා ගියා... අවංකවම මට බය හිතුණා වීස් එකට ඒවි කියලා... පොඩි කාලේ ඉදලම වීස් එක තිබුණ මට පස්සෙ පස්සෙ පරිස්සම් වුණ නිසාම මගෑරිලා ගියත් මට ටික හුස්ම හිර කරන ගතියක් දැනෙන්න ගත්තා... ඇග ඇතුලෙන් උණ තිබුණ නිසාම මට දැනෙන සීතල දරාගන්න බැරි වුණා කොටින්ම මට ඕන වුණේ ඔළුවෙ ඉදන් වහගන්න වුණත් තෙත ඇදුම් පිටින්ම මම ගැහි ගැහි බලන් හිටියෙ වචනයක්වත් කියාගන්න බැරි වෙනකොට.. රෑට කාලා ගියා ගියාමයි වතුර උගුරක්වත් නොබීපු මාව සෑහෙන්න හෙම්බත් වෙලා තිබුණා...
ඒත් මට මේ සැරේ එයා ගැන හිතන්න තිබ්බ උවමනාව නැත්තටම නැති වෙලා තිබුණා...හැම දේකදිම එයාව සාධාරණීකරණය කරන්න හදපු හිත අද ගොළු වෙලා ගිහින් තිබුණා... මට එයා දිහා බලන්නවත් උවමනාවක් නොතිබ්බා වගේම වතුර කාගෙනම මම බිම බලාගෙන හිටියා... ඇගට දැනෙන දේවල් හිතට දැනෙන දේවල් මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරලා ඉවර කරගන්න බැරි වුණත් මට එයා ඉස්සරහ කදුළු හලන එක අපරාදේ කියලා හිතුණා... කෙටියෙන්ම වැරැද්දක් වුණාම ආණ්ඩුව ගෙදරට ගේන්න හදන එයා එක්ක මොන පව්ල් ජීවිතයක්ද කියලා හිතුණා...

ඒ වූණත් කරන්න දෙයක් නැතිකමටම මම ඔහේ හිටිය වගේම ඒ විනාඩි ගාණකින්ම අත් කකුල් වල තිබුණ දම්වැල් සර සර ගාලා ගැලවිලා වැටෙන්න ගත්තා... පහලට පහත් වෙලා උන්න එයා ඇදන් ඉන්න සුදු පාට ටීශර්ට් එකේ තැනින් රතු පාට වෙලා තියෙනකොට දම්වැල් ලිහෙනවත් එක්කම මාව බිත්තිය දිගේ බිමට ඇදගෙන වැටුණා.. එතකොටයි මම දැක්කෙ එයාගේ ඇදුමේ ඉස්සරහ සම්පූර්ණෙන්ම රතු වෙලා තියෙනකොට දැක්කා වුණත් මට හාර අවුස්සල ඒ ගැන හිතන්න කිසිම උවමනාවත් නොතිබුණා... මට ඕන එකම දේ මෙතනින් එලියට යන එක විතරක්ම වුණත් මගේම බර කකුල් වලට දරාගන්න බැරි තැනක මට කරකියාගන්න දෙයක් නැතිව ගිහින් තිබ්බා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now