Chapter 35

291 31 32
                                    

The last week to sleep peacefully
__________________________________________________________

Wang yibo's P.O.V

"ම්හ්ම් ම්ම්ම්"

කොච්චර වෙලාවක් නිදාගත්තද කියල අදහසක් නැතිකොට මම ඇහැරුණේ call එකක් එන සද්දෙට වෙද්දි අත දිගෑරලා කොට්ටෙ යටට අතදාපු මම හෙමීට ඇස් ඇරල බැලුවත් එකසැරේටම ඔළුව ඇතුලේ අකුණක් ගහනව වගේ දැනුන නිසා නිදිමතේම ෆෝන් එක Answer කරල කනේ තියාගත්තා...

"Good Morning Master... Don asked you to inform that you and Mr. Zhan should take over the post the day after tomorrow..."

"What..?!"

උදේ පාන්දර නින්දෙන් ඇහරවල කියපු දේත් එක්ක මාරාවේස වෙච්ච මම එහෙමම ෆෝන් එක කට් කරල දැම්මා වගේම වගකීම පැහැර හරින එක මොනතරම් ප්‍රශ්නයක්ද කියන එක මම හොදටම දැනන් හිටියා.. මම දැනන් හිටියා මේක වෙන බව... Zhan නිසා මේක තවත් ඉක්මන් වුණා කියන හැගීම මගේ ඔළුව ඇතුලේ වැඩකරනකොට ශීට් එක විසිකරල දාලා මම ඇදෙන් බහින්න හැදුවත් හිරවෙලා තියෙන ශීට් එක අදින ගමන් ඇදේ අනිත් පැත්ත හැරුණ මට කෑගැස්සුණා...

"ZHAN..."

ඇස් ඇරපු තත්පරෙන් කෑගහපු මම ආයෙම ඇදෙන් වාඩි වුණේ අත්දෙකෙන්ම කටත් වහගෙන වෙනකොට මගේ ඇදේ එහා පැත්තෙ උන්න Zhan ව දැකපු මාව කරකවල අතෑරියා වගේ වුණා... නළලෙන් ගලාගෙන ගියපු ලේ එහෙමම නලලෙ වගේම නහය දිගෙත් තැන් තැන් වල කැටි ගැහිල තියෙනකොට ඉදිමුණ තොල් , ලේ පිරිච්ච කට , නිරුවත් ඇග , විනාස වෙලා තිබ්බ කාමරේ දැකපු මම එයා දිහා බලන් උන්නෙ බය වෙලා වෙනකොට ඒ ඇස් තදින්ම පිය වෙලා ගිහින් තිබුණා... තාමත් අත් දෙක තිබුණේ headboards එකට හිර වෙලා වෙනකොට මම උන්නෙ කවදාවත් නැති තරන් බය වෙලා...

වෙනදට කදුළු පුරවන් වුණත් හිනා වෙන ඇස් පිහාටු කදුළු වලටම ඇලිලා ගිහින් තියෙනකොට... රෝස පාට තොල්පටවල් නිල් වෙලා ගිහින් තියෙනකොට මම බයෙන් බයෙන් වුණත් එයාව අල්ලන්න අත ලංකරා වගේම මගේ අතපය පවා වෙව්ලන්න අරන් තිබුණේ මට කරගන්න දෙයක් නොතේරෙද්දී... විනාඩි ගාණක් එයා දිහා බයවෙලා බලන් උන්න මම වටේතියෙන දේවල් කැරකෙන්න ගන්නවත් එක්කම ඇස් තදකරල පියාගෙන කොණ්ඩෙන් ඇදගත්තෙ පිස්සුවෙන් වගේ වෙද්දී ටිකෙන් ටික මට ඊයේ රෑ වෙච්ච දේවල් මැවි මැවි පේන්න ගත්තා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now