Chapter 34

286 39 34
                                    

⚡To my memories,To my diaries, Erase it...
_______________________________________________________________

⚠️ Sensitive content
⚠️ Read at your own risk

Xiao zhan's P.OV

"ආහ්ව්..."

කනට කරල මුමුණපු එයා මගේ යටි තොල මිරිකල කෙලින් වුණේ උඩ ඉදන් පහලට බහින හීල්ස් සද්දයක් ඇහෙනකොට වෙද්දි මම වැටුණ විදියටම හිටියා...

"Oh zhan... ඇයි මෙ ඉතින් ම්ම්ම්..."

Lusi... ඒ එයාව... එයාව කටහඩින්ම අදුර ගත්තු මම ඒ විදියටම බිම බලාගෙන හිටියා... අවංකවම මට කල්පනා කරන්න දේවල් නොසෑහෙන්න තිබුණත් මාව හිස් වෙලා ගිහින් තිබුණා... මම හිතන්න ඕන මොකක් ගැනද කියල හිතාගන්න බැරි තරමට මාව හිස් වෙලා තිබුණා... පඩිපෙලෙ මම ඉදපු පඩියට බැහැපු එයාගේ හීල්ස් දෙක දණිසට උඩින් තියෙන ගවුමෙ මගක් යනකන් පෙනුනත් මට ඔළුව උස්සල බලන්න තරම් උවමනාවක් තිබුණේ නෑ... එයාලා දෙන්නම බලන් ඉදියේ මං දිහා වෙනකොට මම මෙහෙම ඉන්න එක ගැන මටම ලැජ්ජ හිතෙන්න ගත්තා... මම මෙච්චර අසරණ වෙන්න හේතුව එදා මට විරුද්ධ වෙන්න හයියක් නැති වෙච්ච එක කියන එක මට මං ගැනම ලැජ්ජාවක් ඇති කරල තිබුණා... මං ගාවට පහත් වෙච්ච lusi ගේ අත මගේ මූණ ගාවට ආවත් මං හිතන්නෙ ඊට කලින් Yibo ඉස්සර වුණා... එහාට මෙහාට ඇදිලම පණ ගිහින් හිටපු මාව ඊලග තත්පරේ ඇදිලා ගිහින් නැවතුණේ bathrobe එකක් ඇදන් ඉදපු එයාගේ පපුවෙ වෙනකොට මම එහෙමම හිටියෙ ඒ චූටිම වෙලාවෙත් එයාගේ රස්නෙ විදගන්න ගමන්...

"You can't touch him..."

"But yi.."

"Now leave..."

එයාට තරහ ගියා මට දැනුනෙ එච්චරමයි... හේතුව නොදැන මට තේරුණේ එයාට තරහ ගියපු බව විතරක්ම වෙනකොට කවදාවත් නැතිව එයාගේ කටහඩ lusi ට උස් වුණා... මම හිටියෙ හැමදේම අහගෙන ඒත් මට ඒ ඇස් කියවන්න ඒ පැත්ත හැරෙන්න තියා හිතන්නවත් බැරි වුණා.. විනාඩි ගාණකට පස්සෙ lusi පඩිපෙල බහින සද්දෙ වගේම ඉස්සරහ දොර ඇරිල ආයම වැහිල යන සද්දෙ ඇහුන මගෙන් පිටවුණේ සැනසුම් සුසුමක්.. අඩුම තරමෙ පිට කෙනෙක් ඉස්සරහ එයා මාව තවත් අපහසතාවෙට පත් නොකරපු එක ගැන මට සැනසීමක් දැනුනා... ඔව් ඇත්ත මම හරි බොලදයි... පුංචි පුංචි දේවල් වලින් සැනසෙන මම හරි බොලද ඇති... පුංචි පුංචි දේවල් වලින් හිත හදාගන්න සතුටුවෙන මම බොලදයි කියළ තේරෙනකොට මමත් පරක්කු වැඩියි...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now