Chapter 23

407 85 72
                                    

Thank You and Sorry....
__________________________________________________________

...Leo basement...

වාහනය Car park එකේ නතර කල යීබෝ Under ground එකට ඇවිද යන්නට වුනේ තරමක කලබලයෙන්.... වෙනදට තමා එනවිට සමාජිකයන්ගෙන් පිරීපවතින basement එක තුල අද පහලවක් පමණ විතරක් රැදී සිටි අතර පුටුවකට බරවී මුහුණට මුහුණ බලාගෙන කතා කරමින් සිටි Yubin හා Zhuocheng ගේ එහා පැත්තෙන් වාඩි වුනේ ඔවුන් කතාව නතර කර යීබෝ ට අවධානය දෙද්දී...

"කෝ Darren..??"

තමා දෙස ඇහිපිය නොහෙලා බලාසිටින Yubin හා Zhuocheng දෙස ඇහිබැමක් ඔසවා බැලූ යීබෝ විමසන්නට වුණා...

"එයා හරියටම තව පැයකින් මෙහෙට Land කරයි.."

"WHAT..!? Land කරයි??"
කියූ දෙය තේරුම් ගත නොහැකි ව යීබෝ විමසවේ තරමක් සද්දය වැඩි කර කෝපයෙන්...

"හ්ම්ම්ම්.. Darren ඊයේ හවස Flight එකේ Italy ගියේ..."
යීබෝ මේ ලෙස පුදුමවෙන බව දැනසිටි යුබින් පැවසුවේ වැඩිය ගනන් නොගෙන වුවත් පුටුව හයියෙන් පසුපසට තල්ලු කල ඔහු නැගි සිටියේ කෑගැසමින්...

"මොන මගුලකට එහෙනං මට එන්න කිව්වෙ ආ.. මට වැඩ නෑ කියලද හිතන් ඉන්නේ... අර මනුස්සයවත් තනියම යවලා මං ආවේ..."

"හරි.. මට මෙන්න මේක කියපන්... උඹට Zhan ට වෙච්ච දේ දැනගන්න ඕන නැද්ද...?!නෑනේ.. නෑ.. උබට ඔන්නෑ.. එහෙනං යන්න..."
එක විනාඩියකට හෝ සිටි තැනින් නොසෙල්වුණු යූබින් විමසුවේ යීබෝ ගේ දෑස් දෙස එක එල්ලේ බලාගෙන... Zhan ගැන කියන විට යීබෝ ගේ ඇස් ගැස්සුණු අතර දිගු හුස්මක් ගෙන සිත සන්සුන් කරගත් ඔහු නැවත වාඩිවෙන්නට වුණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now