Chapter 8

606 127 77
                                    

...Flash back...

...සති දෙකකට පෙර...

...Xiao Zhan's P.O.V...

"වෙන්නෙ මොනවද කරන්න ඕන මොනවද කියල මොනවත් මට හිතාගන්න බැරිවුණා... අන්තිම මොහොතේ නැතිවෙන්න කියල දෙයක් නැතිම තැනත් මං බේරිලා ආවේ.. මීට අවුරුදු ගාණකට කලින් මම ම බෝට දීපු පොරොන්දුව රකින්න ඕන නිසා... ඒත් මොකද්ද අන්තිමට වුනේ මගේ කියල ලං කරගත්ත අයටම මට වෛර කරන්න වුණා.. ඇයි ඇයි මට එහෙම වුනේ කියල කෑගහල අඩන්න ඕන වුනත් කදුලක් නොවැටෙන තරමටම මට එදා අසරණ කමක් දැනුනා.. මතකද බෝ ඔයාට.. මං කිව්වා මට මැරෙන්නත් ඕන ඔය අත් දෙක උඩ කියල... සමාවෙන්න රත්තරනේ.. එදා ඒහෙම කියපු මං අද වෙනස් වෙලා කියල දැක්කම ඔයාට දුක හිතෙයි සමහරවිට...?එක අතකට මොකට දුක හිතෙන්නද... මං මැරිලා කියල හිතන් හිටපු ඔයා තව මොකට දුක හිතන්නද... ඒ අතීතෙට යන්න පුළුවන් නං සත්තයි මං තමුසෙගේ ඇස් මානෙටවත් එන්නෑ බෝ... කවදාවත් තමුසෙගෙ වෙන්නෙ නෑ මං.. ඔය අත හැම ආත්මෙකම අල්ලගන්න ඕන කිව්වට මට ඕන නැහැ.. මේ ආත්මෙ පවා තමුසෙව ඇහැට නොපෙනන තැනකට වෙලා ඉන්න පුළුවන්නං මං ඒකත් කරනවා.. ඒත් බෑ.. තමුසෙට කරපුවට විදවන්න තියෙනවා යීබෝ.. ඔව් ඒවට වන්දිගෙවන්න වෙනකොට තමුන්ටම දරා ගන්න බැරිවෙයි හහ්හහ්හා..."

ඒ Xiao Zhan... කිසිම කලබලයක් නැතුව හීමිට රැල්ල ගහන වෙරලේ කොණක වාඩි වෙලා ඔහු ඈත බලාගෙන හිටියා....යන්තමින් වැටිලා තියෙන අදුරත් එක්ක මුසු වෙලා ගතේ වදින මූදු හුලග ඔහු ට සැනසීමක් එක් කරා... මීට පෙර දවසක... දෙන්නෙක් ආදරෙන් තුරුළු වෙලා හිටපු ඒ තැන ඔහු තනියම අදුර මකන්න උත්සාහ කරා... ඔහුට පූළුවන්ද ඒක කරන්න.. බැහැ.. ඔහු වරුගනන් වාඩි වෙලා හිටියත් ඒ වෙරලට ඕන වුනෙත් ආදරෙන් පිරුණු හදවත් දෙකක්... ඒත් අද එතන තියෙන්නේ ආදරය යටකරන් උඩට එන වෛරය... ඉතින් ඒ ආදරයෙන් සැනසුනු වෙරල තීරෙට වෛරෙන් සැනසෙන්න පුළුවන්ද....??

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now