Chapter 27

435 59 56
                                    

Don't let anyone get you down mentally
________________________________________________________

නිවසට පැමිණි Lusi තම කාමරට රිංගා ගත්තේ Yibo ට ඇමතුමක් ලබාගනිමින්... පලමු වතාවේ එය Engage වූ අතර දෙවෙනි වතාවේ රින්ග්ස් නතර වන්නට වුණා... කීපවතාවක්ම ඔහුව සම්බන්ධයෙන් කිරීමට උත්සාහ ගත්තත් එය නිශ්පල වූ තැන තම දුරකථනය පසෙකට දැමූ ඇය නිදන්නට සූදානම් වුණා...

සිවිලිම දෙස බලාගෙන සිටි යීබෝ පියවි සිහියට පැමිණියේ තම දුරකථනය නාද වන හඩින් වූ අතර ඇමතුම ලූසි ගෙන බව දුටු ඔහු එනගේජ් කර පසෙකට දැමූ අතර දිගින් දිගටම ඇමතුම් ආ බැවින් ෆෝන් එක සයිලන්ස් දමා දෑස් පියාගත්තේ ඒ අවස්ථාවේ ඔහුට ඇය හා කතා කිරීමට තත්වයක නොසිටි නිසයි....

තමන් ප්‍රශනෙක ඉන්නකොට කතා කරාම නිදහසක් දැනෙන්නැත්තං... තමන්ගේ ප්‍රශ්න වලට එයා ලග කිසිම විසදුමක් නැත්තං... කෝ එතන තේරුම් ගැනීමක්... ඉතින් තේරුම් ගැනීම නැති තැන බැදීමක් පවතියිද...??අහන්න හදවතට තට්ටු කරල... එහෙම බැදීමක් පවතින්න පුළුවන්ද කියල... අහන්න තමන්ගෙන්ම තේරුම් ගැනීමක් නැති තැන ආදරයක්.. පවුල් ජීවිතයක් තියෙනවද කියල... නෑනේද ම්මිම්... ඔයාගේ හදවත දුන්නේ නෑ කියන උත්තරේද... එහෙනම්.. මං හිතන විදියට ඔයා හරි.. ඒත් වෙන කෙනෙක්ගේ කෝණෙන් ඔයා වැරදියි වෙන්න පුළුවන්... මොකද... මේ ලෝකෙ විවිධාකාරයි... විවිධ මිනිස්සු... විවිධ සිතුම් පැතුම්... විවිධ හැගීම්... ඒත් මං දකින විදියට සාර්ථක පවුල් ජීවිතේකට සතුට අනිවාර්යයි... ඉතින් තේරුම් ගැනීම නැති තැන සතුටක් තියෙයිද... නෑනේද... ඒ වගේ තමයි යීබෝ වගේම ලූසි ත්... ඔව් ඒ දෙන්නා අතර සම්බන්ධයක් තිබ්බා.. මොන වගේද දන්නවද... කොටින්ම කිව්වොත් නාමික බැදීමක්... යීබෝ ආදරේ කරා... ඒත් කලින් කිව්වා වගේම ලූසි ට ඒක එයාගේ ප්ලෑන් එකේ කොටසක් වෙද්දී... ඒ දෙන්නා අතර ලස්සන ආදරයක් තිබුන්නෑ... හොද තේරුම්ගැනීමක් තිබ්බේ නෑ... ඒ දෙන්නගේ අදහස් පරස්පර විරෝධී වුණා වගේම එයලට එයාලා එක්ක ඉද්දි තමන්ම වෙන්න බැරි වුණා... තමන්ගේ මවගේ වගේම යාළුවන්ගේ අදහස් ගැන යීබෝ හිතන්න ගත්තා වගේම එයාට හැමදේම ටික ටික තේරුම් ගියත් තමන් අද වෙනකොටත් පරක්කුයා කියල ඔහු දැනන් හිටියේ නෑ... මිරිගුවක් පසුපස ගිය ඔහු තමන්ගේ ආදරේ ටික ටික මග ඇර ගන්න ගමන් හිටියා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now