chapter 40

276 33 10
                                    


One little thing can make you happier....
_____________________________________________________________

කොහෙන්දෝ ආව ඉර එලිය ඉවරයක් නැතුවම මූණට වැටෙනකොට මම පුළුවන් තරන් මූණ කොට්ටෙට ඔබා ගත්තා වුණත් මට දාඩිය දාන්න අරන් තිබුණා... ඇස් ඇරගන්න බැරි තරමටම නිදිමත දැනුනා වුණත් උණ නිසා දැනෙන සීතල අතරින්ම බයටම දාඩිය දාන්න ගන්නකොට ඇගට දැනෙන අපහසු ගතිය නිසාම මම ඇද උඩ අඹරුණා වගේම මාව ගැස්සිලා ගියා...

ඇද උඩ වාඩි වුණ මම එහෙමම කකුල් දෙක අතරේ ඔළුව ගහගත්තා වගේම මම හෙමින් හෙමින් සන්සුන් වෙන ගමන් හුස්ම ගන්න ගත්තා... අන්තිමට මම ආදරේ කරපු මට ආදරේ නොකරපු එයා මාව හීනෙනුත් රිද්දන්න අරන් තිබුණා...

7.30

ඔරලෝසුව දිහා බලපු මට හුස්මක් පිට වෙනකොට ඇද ගාව තියෙන window එකේ curtain එක එහාට කරපු මම එලිය බැලුවා... ලස්සන දවසක්... නිල්ම නිල් පාට අහසේ සුදු පාට වලාකුළු තියෙනකොට රස්නෙත් නැති ලාවට ඉර එලිය වැටිලා තිබුණා... කුරුල්ලො රෑන් පිටින් ඉගිලෙන්න අරන් තිබුණා වගේම මගේ කල්පනාවට බාධා කරන ගමන් කවුරු හරි දොරට තට්ටු කරා...

"එන්න..."

"Ge ge..."

"ඉන්න ඉන්න මම මේ ආවෙ ඔයා නැගිටලද බලන්න..."

         Yubin ge එනවත් එක්කම මම ඇදෙන් බහින්න හැදුවා වුණත් එයා මට ඉන්න කියාගෙනම ඇවිත් ඇදෙන් වාඩි වුණා... මම ලාවට හිනා වෙලා බිම බලාගත්තා මිසක් මොනවත් නොකියා හිටියා මොනවා කියන්නද කියල මටම හිතා ගන්න බැරි වුණා... එයා මාව හීනෙනුත් බය කරනව කියන්නද?

"ඔයාට දාඩිය දාලානෙ... උණ බැහැලා වගේ.. "

"දැන් අඩුයි වගේ..."

"හ්ම් හ්ම් අඩු වුණාට කමක් නෑ වොශ් එකක් දාන් එන්න බෙහෙත් අළුත් කරන්න ඕනනෙ..."

ගැලවිල්ලාවට වගේ අඩුයි කියපු එක තේරිලාද මන්ද එයා මට ටිකක් සැරෙන් කියලා හිනා වෙලා පහලට ගියා වගේම එහෙමම ටික වෙලාවක් හිටපු මම බාත්රූම් එකට ගියා වගේම ගෝස් තියලා ගහලා තිබුණ ප්ලාස්ටර්ස් ටික ටික ගලවලා දැම්මා... සමහර තැන් වල ලෝම පවා ගැලවිලා යනකොට ගෝස් එකේ නූල් ගාපු බෙහෙත් එක්කම තුවාල වලට ඇලිලා තියෙනව දැකපු මට නැති ඔළුව කැක්කුමක් අල්ලන්න ගත්තා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now