Chapter 22

381 78 44
                                    

Why fate always bothers me..
- Zhanzhan...❤️
_______________________________________________________

...Morning....

යීබෝගේ පපුව අස්සට හිර වෙලා හිටපු Zhan ඇහැරුනේ රෑ සීතල නිසා සනීප වුනත් දවල් වෙනකොට බාහිර පරිසරයේ උෂ්ණත්වයත් එක්ක දාඩිය දාගෙන එද්දී... නුහුරු තැනක් නිසා කාමරේ පුරා දෑස් යැවූ ඔහු පුදමයට පත් වුනේ ආයෙමත් අවුරුදු 2 ට පස්සෙ ඔහු හිටියේ යීබෝ ගේ නිවසේම නිසයි.. උදේ ලාවට එන ඉර එලියට වඩා තදට Curtains අස්සෙන් හිරු එලිය වැටුන නිසාම තාමත් නිදහසේ පියවිලා තියෙන ඒ ඇස් දිහා බලපු ඔහු හෙමින් රූටලා එහාට වුනේ table එක උඩ තිබ්බ mini clock එකේ වෙලාව බලන ගමන්...

"11.25"
ඉබේටම කෑගැස්සුන ඔහු තම අත් දෙකෙන්ම කට වහගනිමින් යීබෝ ගේ මුහුණට එබෙන්නට වුනේ ඔහුට ඇහැරුනාදැයි බැලීමටයි... තවමත් නිදි බව වැටහුණ නීසා සැනසුම් සුසුමක් හෙලු ඔහු ඇදෙමින් උඩට වී ඒ නලල මත දෙතොල් තද කලේ තමන් තමන්නටම වූ පොරොන්දුව මතක් කරගනිමින්...

"එක දවසක් ඉවරයි බෝ... ඔයාගේ Zhanzhan ව ආයම ඕනද නැද්ද කියන එක හෙට දවස ඇතුලත ඔයාගේ හැසිරීම තිරණේ කරයි.."

රෑට කාපු සැහැල්ලු කෑම එක පිටින් තවමත් සිටි නිසා Zhan /feng ගේ බඩේ පණුවන් ක්‍රිකට් ගහන්න පටන් අරන් තිබුණා.. තුරුලෙන් ඈත් වෙන්න කම්මැලි කමට බඩත් අල්ලන් එහාට මෙහාට ඇඹරුණු ඔහු අවසානයේ පණුවන්ට ජයග්‍රහණය දී කිචන් එකට ආවේ hot chocolate එකක් හැදීමටයි...

සතියක් විතර යීබෝ Zhan සමගම සිටි නිසා merry Aunty ද දවස් දෙකකට ගිහින් තිබූ අතර නිවස ඔහුට ඕනවටත් වඩා හුරු පුරුදු නිසාවෙන් ඉක්මනට hot chocolate එක හදාගත් ඔහු එයද රැගෙන කාමරේට ගියත් මහ දවල් යීබෝ තද නින්දේ පසු වුනේ කාලයකට පසු හිමි වූ සුවපහසු නින්දේ උපරිමයට යමින්...

පැය භාගයකට පමණ පසු wash දාගත් Zhan bathroom එකෙන් එලියට එනවිට යීබෝ ඇද විට්ටමට හේත්තු වී ෆෝන් එක ඔබමින් සිටි අතර Zhan දෙස බලන්නට වූනෙ අතින් ලගට එන ලෙස ඉගි කරමින්... තවමත් එහෙන් මෙහෙන් තෙමි තිබු කොණ්ඩයෙන් වතුර බේරුන අතර ඔහු යීබෝ අසලින් වාඩි වුනේ ෆොන් එකට එබෙමින්...

Deep Love But Rough(Yizhan Sinhala FF)Donde viven las historias. Descúbrelo ahora