Chapter 17

438 91 46
                                    

He's back again.., but in a completely different way....
___________________________________________________________

Zhanට උදේම අවදිවන පුරුද්දක් නොතිබූ අතර වෙනදා මෙන්ම ඔහු දහවල් වනතුරුම නිදි යන්නට වුනේ කාලයකට පෙර තමන් තුරුල් වී සිටමට අයැදි ඒ උනුසුමට තව තවත් ගුලි වෙමිනි.... ඇද මත ඒ මේ අතට ගුලි වන Zhan නිසා ඇහැරුණ Yibo ඒ සාමකාවි ව පියවී ඇති දෑස් දෙසස් නින්දෙන් නලියන රත් පැහැ දෙතොල් දෙසස් බලා සිටින්නට වුණා...

ඇහැරවීමට හිතක් නොවුනත් අද දින යෙදී ඇති වැඩ කටයුතු නිසා Yibo ට ඔහු හා එක්ව සිටීමට කාලයක් ඉතුරුව තිබුනේ නැහැ... තවමත් Zhan වෙනුවෙන් විතරක් ගැහෙන ඒ පපුව මේ දැන් තමා ඉදිරියේ නිදා සිටින රූපය වෙත කෙසේ ඇදී ගියා දැයි පෙරත් අදත් ඔහූට ප්‍රශ්නාර්ථයක් විතරක්ම වුණා...

තම ඇගට උඩින් කකුලක් හා අතක් දමාගෙන නිදා සිටින feng/zhan ගෙන් සීරුවට ඈත් වු Yibo ඒ කකල සහ අතට කොට්ටයක් තුරුළු කරමින් බාත්රූම් එකට රිංගාගන්නට වුණා... ඊයේ දවසේ මහන්සිය තවමත් තිබූ අතර ඔහුගේ කකුල් පවා වේදනා දෙන්නට වුණා... සිත සමග වාදයක නියැලී සිටි ඔහු Shower එක යටට ගොස් වතුර හැරිය විට පියවි සිහියට පැමිණියේ උදේ පාන්දර ගිනි සීතල වතුරෙන් හිසේ සිට දෙපතුල දක්වා තෙමී ගිය පසුවයි...

"Aish..."
සීතලේ ගැහී ගැහී වතුරෙන් මෙහාට වුන ඔහු ඉක්මනින් වොශ් එකක් දාගෙන එලියට ගියත් Feng තවමත් සුව නින්දේ... Bathrobe එකේ පසෙක පිලිවෙලකට අසුරා තිබූ තමා පෙරදිනයක දමා ගිය ඇදුම් වලට මාරු වූ ඔහුගේ නාස්පුඩු තුලින් Zhan ගේ සුවද දැනෙන්නට වුණා... එහි වූ ඇදුමක් ගෙන තම පපුවට තුරුල් කරගත් ඔහු එය දෑත් වලට ගුලි කරගන්නට වුනේ තමන්ගේ Zhan ව ඔහුගේ ඇදුමකින් වත් තවත් අයෙක් සමග බෙදා නොගන්නා බව පසක් කර දෙමින්... නමුත් අවසාන වතාවට Zhan තමා ඉදිරිපිටම වෙනත් අයෙකුගේ වනවිට නැගූ කෙදිරිගෑම් ඔහුගේ දෙසවන් තුල දෝන්කාර දෙන්නට වුනේ කන්දෙක අත්වලින් වසාගෙන ඔහු බිම වාඩිවෙන අතරතුරේ... නැවත නැවතත් ඒ සුදු රෙදි කඩ එහා පැත්තෙ ඉදන් Zhan කෙදිරිගාපු හැටිත්... තමන් හඩපු හැටිත්... ඔහුට මැවී මැවී පෙනෙන්නට වුණා....

අසල වූ බිත්තියකට හේත්තු වී ඉකිගසන Yibo ගේ හඩින් ඇහැරුණ feng පුරුද්දට මෙන් දෑස් වසාගෙනම ඇද මත අත ගෙන යන්නට වුණේ Yibo ව සොයමින්... නමුත් ඔහු නොමැති බව වැටහුණු විට කලබලයෙන් නැගි සිටි ඔහුගේ දෑස් කාමරය පුරා දිව ගොස් අවසානයේ බිත්තියකට පිටදී දෙකන් වසා හඩා වැටෙන Yibo අසල නතර වන්නට වුණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now