Chapter 38

256 40 54
                                    

No one but me has the right to hurt my things...
___________________________________________________________

..Xiao Zhan's P.O.V..

"ආහ්ව්ව්ව් අ..අතා...රින්න... අනෙ... ප්ලී..ස්ම්හ්ම්.."

කොහෙද කියලවත් නොදන්න තැනක මගේ අත තිබුණේ යීබෝ ගේ තවමත් racing gloves දාපු අතකට හිර වෙලා වෙනකොට එයාගේ වේගෙට යාගහන්න බැරිවුණ මම ඇදගෙන වැටුණා වගේම එකසැරේම වගේ පිටිපස්ස හැරුණ එයා මේ පැය දෙක තුනට කීවෙනි වතාවටද මන්දා මගේ කම්මුලට ගැහුව වගේම කට ඇතුලෙන් කාරවගෙන මට ලේ රස දැනෙන්න ගත්තා... තිත්ත කළුවරේ කටු කටු ඇනෙන සිමෙන්ති පොලවක මාව ඇදිලා යන්න ගත්තා වගේම යන්තන් පෙනෙන නොපෙනෙන ගාණට පේන්න විතරක් තියෙන කහ පාට ලයිට් එලි නිසා මට පිස්සු හැදෙන්න ආවා...

මැදලා නැති සිමෙන්තියට මගේ හම එහෙන් මෙහෙන් හීරෙන්න වගේම විනාඩි ගාණක් යනකොට සීරුණු පාරවල් වලටම මාව දන්න ගත්තත් ඉකියකට එහා දෙයක් මගෙන් පිට නොවුණ තැන යීබෝ මාව ඇදගෙනම පඩිපෙලක් නගින්න ගත්තා... මෙච්චර වොලාම දැනුන කුණු ගත ඇහැට පේන්නැති ලයිට් එලිය නැති වෙලා යනකොට එයා තියන අඩියක් පාසාම අඩිය ලීයට වදින සද්දෙ ඇහුණා මගේ ඉකිය ඒ සද්දෙන් වැහිලා ගියා වුණත් පඩි වල පැටලි පැටලි මාව ඇදිලා ගියා...

"දඩස්..."

මාව ඇතුලකට තල්ලු වෙලා ගියා වගේම පණ කියල නාමයක් නැති මාව හූරගෙනම ගිහින් බිත්තියක වැදුණා විතරක් නෙවෙ එකපාරට මොකක් හරි වැටෙන සද්දයක් ඇහුණා... ඔළුව උස්සලවත් බලන්න බැරි තරමට මගේ ඇස් බර වෙලා තියෙනකොට මෙච්චර වෙලාම එහා මෙහා වැදි වැදී විසිවුණ මම වැටුණ විදියටම ඔළුව බිමට හරිවන් හිටියත් ටිකකින් ඇහුණ දම්වැල් සද්ද නිසා මම බැරි මරගාතෙම වුණත් ඇස් උස්සල බැලුවා...

දොරක්... මගේ ඉස්සරහ තිබ්බෙ වහලා දාපු දොරක් වෙනකොට ඒක පුරාම තැනින් තැනට ලොක් තිබුණා.. සමහර ඒවා තනිකර පරාල වලින් හදපු හරස්දඩු වෙනකොට මට දම්වැල් සද්දෙ ඇහිණ පැත්ත මම බැලුවා... යීබෝ හිටියෙ ඒ කාමරෙම ඇතුලට වෙන්න හදල තිබ්බ බිත්තිය ගාව වෙනකොට ඒ පුරාම එල්ලලා තිබුණ එක එක සයිස් දම්වැල් පුරා එයාගේ ඇගිලි දුවණ හැටි මට බොද වෙවී වුණත් පෙනුණා... Accident එකේ අමාරුවට වඩා එයා ඇදන් එනකොට පඩිපේලි වල වැදිලම මගේ නලල ඉදිමිලා තියෙනකොට ඒ වැදුණ හැම පාරකටම හරි යන්න ඔළුව ඇතුලෙ අකුණු එක පිට එක ගහනව වගේ දෙනෙන වේදනාවට මට වමනෙට ආවත් යන්න දෙයක් නැතුවදො ඔක්කාරෙට එන එන සැරේට මට ගිය දෙයක් නැති වුණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now