Chapter 25

703 94 63
                                    

⚡All those we love will not love us.
__________________________________________________________

3 Years Ago

@Tianjian University
8 A.M

               Bike එක Park එකේ නැවතූ යීබෝ ඇතුලට ඇවිද යන්නට වුනේ සුපුරුදු හැගීම් විරහිත මුහුණින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bike එක Park එකේ නැවතූ යීබෝ ඇතුලට ඇවිද යන්නට වුනේ සුපුරුදු හැගීම් විරහිත මුහුණින්.... නිල් ඩෙනිමකින් හා සුදු පැහැ සැහැල්ලු Shirt එකකින් සැරසී සිටි ඔහුගේ ලා දුඹුරු පැහැ හිසකෙස් මුදු සුලගට ගසාගෙන යන්නට වුනේ ඔහු ගේ කඩවසම් බව තව තවත් ඔපමට්ටම් කරමින් වූ අතර University එක තුල සියළු දෙනාගේ අවධානය දිනා ගැනීමට ඔහු සමත්ව හිටියා....

දෙවන මහලේ තම පන්තිය වෙත ඇවිද එන Yibo ව දුටු Darren ඇතුළු අනික් අය අත වන්නට වුණා... ඔවුන් වෙත මද සිනාවක් පෑ ඔහු පන්තිය තුල තම බෑග් එක තබා අනික් අයත් සමග කැෆටේරියා එකට යන්නට වුණේ පලමු පරිච්ඡේදයම හිස් එකක් වූ නිසාවෙන් සහ lixianගේ නිමක් නැති ඇඩියාව නිසා වෙනි.. ඒත් සමගම ඇහුණු කටහඩ නිසා එතැනම නැවතුණු යීබෝ ගේ මුවගේ සිනාවක් ඇදී ගියේ ඉබේටමයි....

"Hey Yibo.."

ඒ Lusi... Chao Lusi... නිල් පැහැති දණහිස මට්ටමට ඇද සිටි Skirt එකට යට කර තිබූ සුදු T shirt එකත් පෝනිටේල් එකක් ලෙස ගැටගසා තිබූ කොණ්ඩෙත් ඉස්සරහට දාගෙන සිටි ඇය Yibo හැරුණත් එක්කම එදෙසට දිව ගොස් ඔහුගේ අත තම අතෙහි පටලගත්තේ සිනාවෙමින්... කම්මුලක් මිරිකා ඇයගේ අත තවත් තම අතට තද කරගත් යීබෝ සහ අනිත් අය නැවත කැෆටේරියා එක දෙසට ඇවිද යාමට පටන් ගත් අතර ඔවුන්ට සිටින්න යැයී කියූ යීබෝ කවුන්ටර් එකට ගියේ කෑම order කරන්නටයි....

රවුම් ටේබල් එකේ පිලිවෙලින් Lixian , darren , Yubin , zhuocheng , Ziyi , සහ Lusi අසුන් ගෙන සිටි අතර අනිත් අය ඇයව ගණන් නොගෙන තම තමන්ගේ කතා වල නිරත වන්නට වුනේ සිනාවෙමින්.... නැවතත් එතනට පැමිණි යීබෝ Lusi ගේ එහාපැත්තෙන් වාඩි වූ අතර එකට පැටලී තිබූ Lusi ගේ අත යීබෝ පිරිමදින අයුරු මොහොතක් බලා සිටි Darren හා Yubin table එකෙන් නැගිටින්නට වුනේ සියළු දෙනාගේ අවධානය ගනිමින්....

Deep Love But Rough(Yizhan Sinhala FF)On viuen les histories. Descobreix ara