Chapter 32

225 35 64
                                    

If I had known that my happiness was short lived, I wouldn't have learned to smile... __________________________________________________________

Xiao zhan P.O.V

දවසින් දවස සතියෙන් සතිය ගෙවිලා යද්දි එයා වගේම මමත් නොසෑහෙන්න බිසී වුණා... මම University exam වලට හිර වෙද්දි එයාට ඒවත් එක්ක business වලටත් involve වෙන්න වුණා... Wedding එකෙන් පස්සෙ අපි china ඇවිත් අදට මාසයක්... මේ මාසේ ඇතුලත එයා සෑහෙන්න වෙනස් වෙලා තිබුණා... අදටත් මගේ දිහා කෙළින් නොබලන තරමට එයා දරදඩු වෙලා තිබුණා... එයා හරි මේක කොලේකට සීමා වෙච්ච කසාදයක් විතරයි... මේ මාසෙට එයා මට ඒක වචන වලින් විතරක් නෙවෙයි වැඩවලිනුත් පෙන්නල තිබුණා... ඒත් මම එක දෙයක් දැනන් හිටියා.. ඒ එයා මාව කොච්චර ඈත් කරන්න හැදුවත් තවදුරටත් එයාට ලූසි එක්ක සම්බන්ධයක් නෑ කියන එක... එයා විදවනවා... මේකට එයාවත් මමවත් වැරදි නැති වුණත් අවසානේදි විදවන්නෙ අපි දෙන්නා වෙනකොට මට හිතුණා එයාට ලූසිව අමතක කරගන්න බැරි එක සාධාරණයි කියලා... මොකද ඒකි මොන ජාතියේ් වුණත් යීබෝ කියන්නෙ ආදරේදි දරාගන්න බැරි තැනක ඉන්න කෙනෙක්... එයා එයාගේ වේදනාව පිට කරේ මගෙන් මොකද එයාගේ හිතේ කොණක හරි ඇති මෙහෙම වුණේ මම නිසා කියලා... ඉතින් මට තියෙන්නෙ එකම එක විසදුමයි කවදම හරි දවසක එයා මට ආදරේ කරයි කියල බලන් ඉන්න එක විතරක්ම වුණා...

ඉතින් අද final exam එක... අදින් මේ දේවල් ඉවරයි.. කෙනෙක් ගේ ජීවිතේ සුන්දරම කාලේ... මට වගේම යීබෝටත් මෙතන අමතක කරන්න බැරි මතක ගොඩක් අතරේ මට හම්බුන ආදරණීයම මතකේ එයා... මගේ Life partner... අපි අතර ලොකු බැදීමක් නැතත් නමට හරි ඒ මගේ husband...

අපි ඉන්නේ එයාගේ ගෙදර... වෙනද වගේම අදත් මම නැගිට්ටේ පහුවෙලා වෙනකොට එයා ඒ වෙනකොටත් ගිහින් තිබ්බා... මම දන්නෑ එයා මට කවදා සමාව දෙයිද කියන්න කොච්චර ඉවසුවත් සමහර තැන්වල මට ඒ වෙනස දරාගන්න බැරි වුණා... උදේම මගේ ඇස් වලට කදුළු පිරෙද්දි මම ආයම ඇදට වැටුණේ කොට්ටෙන් මූණ වහන් හුස්මක් පිට කරන ගමන්... මට ජීවිතේ බෙදාගන්න හිටියේ අයියා විතරක් වෙනකොට අම්මා තාත්තා හැමදාම මගේ ජීවිතේ ගැන තීරණ ගන්න විතරක්ම හිටියා හරියට මේ marriage එක වගේ... මේක මෙහෙම නොවෙන්න අද මටවත් යීබෝටවත් දුකක් නැතිවෙන්න තිබුණා... මගේ චරිතේ යීබෝ ඉස්සරහ කළු නොවෙන්න තිබුණා...

Deep Love But Rough(Yizhan Sinhala FF)Where stories live. Discover now