1 මෝඩ පාට හිනාව

1.2K 222 48
                                    

" ඉවසන්න ..... එකයි දෙකයි තුනයි හතරයි... පහයි " ජන්ග්කුක් ගනන් කරා. එයාට හරි ඉක්මනට තරහා යනවා. ඒකට කරන්න දෙයක් ඇත්තෙම නැති උනත් එයාගේ ඔලුව පිපිරෙන තරම් එයාට කේන්ති යනවා.

ජන්ග්කුක් කියන්නෙ හොද ෆයිටර් කෙනෙක්. එයාගේ ඇගේ තිබුණු පැල්ලම් ගාන එයා කොච්චර හොද සටන්කාමියෙක්ද කියලා අපිට කියලා දෙයි.

ඒක පටන් ගත්තේ ජන්ග්කුක්ගේ පෝසත් මමාගේ දෙවනි කසාදෙත් එක්ක. ඒ මීට අවුරුදු ගානකට කලින්. එතකොට ජියොන් ජන්ග්කුක් කියන්නේ අවුරුදු දහයක එකොළහක පුංචි හුරතල් පිරිමි ළමයෙක්.

ජන්ග්කුක් කවදාවත් හිතුවේ නෑ මමා පපාව අමතක කරලා වෙන පිරිමියෙක්ට ආදරේ කරයි කියලා . ඒක දරාගන්න ජන්ග්කුක්ට ට්කක් අමාරු උනා.

ඒකමයි එයා පළවෙනි වතාවට කෙනෙක්ට නපුරු කම් කරන්න පෙළබුනේ.

අලුත් බබාට තිබුනේ ⁣හිනාවෙද්දි හීනි වෙන ඇස් එක්ක කළු ලස්සන ටිකක් දිග කොණ්ඩයක්. එයා හිටියේ ජන්ග්කුක්ගේ අලුත් පපාගේ අතේ එල්ලිලා . විවාහය දවසේ හැමෝගේම ඇස් නැවතුනේ ඒ හුරතල් පුංචි බෝල ගෙඩිය ලග. ජන්ග්කුක්ගේ අලුත් සහෝදරයා. එයාගේ අලුත් තාත්තගේ කලින් විවාහනේ එකම දරුවා උනේ පුංචි ජිමින්. ජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. එයා හදන්නේ ජන්ග්කුක්ට ඉතුරු එකම කෙනා එයාගේ මමාව උදුරගන්න. ජන්ග්කුක්ට ඒක දැනුනේ ඉවෙන් වගේ. ඒක වැරදෙන්න විදිහක් නැහැ. ජන්ග්කුක් හිතන දේවල් හැමදාම වගේ හරියටම හරි...

" එන්න බබෝ..... " ජන්ග්කුක්ගේ හොදම යාළුවා කිම් සොක්ජින් ජිමින්ගෙ අතින් අල්ලගෙන එයාව ජන්ග්කුක් ලගට එක්කගෙන ආවේ ජිමින්ගේ තාත්තයි ජන්ග්කුක්ගේ අම්මයි විවාහ මණ්ඩපය උඩ ඉදගෙන එකිනෙකාව සිප ගන්න මොහොතකට කලින් ....

ජිමින් හිටියේ සතුටින්. එයා මේ ජන්ග්කුක්ව මෙච්චර ලගට දකින පලවෙනිම වතාව. ජන්ග්කුක් කවදාවත් ජිමින්ගෙ ඉස්සරහට ඇවිත් එයාව ගනන් අරගන්න හිතලවත් තිබ්බේ ⁣නැති කෙනෙක්. එයා පුළුවන් තරම් ජිමින්ව ඉග්නෝ කරා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now