49. ජන්ග්කුකීගේ ශුගර් ඩැඩී

337 109 77
                                    

" හනී......"

ජන්කුක්ගෙ මමා මිසිස් ජියොන් යූනා ගැස්සිලා වගේ එයාගෙ ස්වාමීපුර්ශයා දිහා බැලුවා. එයා හිටියේ ලොකු කල්පනාවක කියලා ජිමින්ගෙ පපා , මිස්ටර් පාර්ක් තේරුම් ගත්තේ යුනාගෙ හැසිරීමෙන්මයි...

" ඔහ්.. යොබෝ.... විකී....ආවද " ජන්කුක්ගෙ මමා ඇහුවේ මෙච්චර වෙලා එයා බලාගෙන හිටපු කෙනා වෙනුවෙන් ලෑස්ති වෙන ගමන්. එයා තමන්ගේ කුඩා මිලැති අත්බෑගය අස්සෙන් මොන මොනවදෝ හොයන හැටි ජිමින්ගේ පපා බලාගෙන හිටියේ.

" ඔව්.... මම එයාට ඇතුලට එන්න කියන්නද " මිස්ටර් පාර්ක් ඇහුවේ යුනාගෙ අවසරය ගන්න උවමනාවෙන්.

" ඔහ්.. ඔව්... එන්න කියන්න. ඒ වගේම... විකී යනකම් වෙන කිසිම කෙනෙක්ව මට මුණගැහෙන්න බෑ. ඒ හින්දා අද ඩිරෙක්ට මීටින් එක ඔයා හැන්ඩ්ල් කරන්න... මොකද එයාලා ජන්ග්කුක් ගැන හරියට වද වෙනවා... ජන්කුක්ගෙ කන්ඩිශන් එක ගැන ඔයා ගැලපෙන දෙයක් කියන්න....  ඒත් ඇත්ත... ඇත්ත කිසිම දෙයක් එයාලා දැනගන්න බෑ. කිසිම දෙයක්.. ඔයා දන්නවනේ මේ සිටුවේශන් එක හැන්ඩ්ල් කරන්න ඕනෙ විදිහ" යුනා එක දිගට නැවතීමක් නැතුව කතා කරා.

" ඔහ්....ඒත්... හනී.... එතකොට විකීව...."

"මම විකීව හම්බවෙන්න ඕනෙ කිව්වේ තනියම.... ඒ නිසා ඔයා දැන් යන්න...." ජන්කුක්ගෙ මමා ගත් කටටම කිව්වේ ජිමින්ගේ පපාගෙ මූණ අමුතු හැගීමකින් ඇකිලිලා යනකොට. හරියට ඒ සිද්ධ වෙන දේට එයාගෙ කැමැත්තක් නෑ වගේ.

"ඒත් හනී...මෙතන මම ඉන්-"

" ජන්කුක් කියන්නේ මගේ දරුවා.... මේ කතාබහ විකීත් මාත් අතර උනාම ඇති..." ජන්කුක්ගෙ මමා හැගීමක් නැති කටහඩකින් කිව්වා.

" ඒත්....යූනා....එයා මගෙත් දරුවා" මිස්ටර් පාර්ක් තමන්ගේ බිරිදට තත්ත්වය තේරුම් කරන්න උත්සාහ කරා.

" එයා ජියොන් කෙනෙක්... ඒක අමතක කරන්න එපා පාර්ක් " ජන්කුක්ගෙ මමාගෙ කටහඩෙ තිබුණු තියුනු බර ගතිය කොච්චර දරුණු වෙන්න එයාට පුළුවන් ද කියන දේ මිස්ටර් පාර්ක්ට මතක් කරලා දුන්නා. එයා මිසින් ජියොන්ව දන්නවා... එයා බොහෝ කාලෙකට කලින් මිසිස් ජියොන්ගෙ සෙක්‍රටරි වෙලා හිටපු කෙනා. මිසිස් ජියෝන් ගැන හැමදේම දන්න කෙනා. තමන්ගේ බිරිද කියන තනතුරට වඩා ජන්කුක්ගෙ මමා විදිහට එයා කොච්චර වෙනස් මනුස්සයෙක් ද කියන එකත්, කම්පැනි එකේ ඔව්නර් විදිහට එයා කොච්චර ස්ට්‍රික්ද කියන එකත් ඇරුනම... තව බොහෝ දේ පාර්ක් , යුනා ගැන දැනුවත්.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Waar verhalen tot leven komen. Ontdek het nu