18. ෆ්‍රොෆෙසර් කිම්

711 190 67
                                    

ඒ මොට්ට යකා හිටියේ තඩි පෙට්ටියක් උස්සගෙන එහෙන් මෙහෙන් වැනෙන කොණ්ඩේ මුණ පුරා දාගෙන. එයාගේ පෙනුමෙන් කවදාවත් එයා අර විදිහට ඇන කොටා ගන්න ආස බොක්සිං ක්‍රිඩකයෙක් කියලා කවුරුත් විශ්වාස කරන එකක් නෑ. එච්චරටම හුරතල් පාටට එයාගේ කට උල් වෙලා මූණ එරවිලා තිබ්බා. එයා ඇදන් හිටියේ ලොකු පැචස් තියන කලුපාට ඇදුමක් එක්ක ලක්ශරි පාට සපත්තු දෙකක්. අතේ තිබ්බ පෙට්ටිය නම් ඒ ඔක්කොටම හරියන්න එයාගේ ස්ටයිල් එකට ගැලපුනේම නෑ.

කිම් සොක්ජින් , ඔය කියන හාදය⁣ගේ රසායන විද්‍යා මහාචාර්යවරයා එනකම් ඒ කියපු සක්කරවට්ටම් කිම් හේසොක් කොල්ලා අර සොක්ජින් මහත්තයගේ පෙට්ටියත් උස්සන් ඔය බලන් ඉන්නේ මෙදා පාරවත් රිපීට් නොවී බේරෙන්න පුළුවන් විදිහේ අන්තිම ගැටේ ගහගන්න කියලා දන්නේ එයාම විතරක් නෙවෙයි. නැත්නම් එයාගේ ආදරණිය හියොන්ග් එයාව හුරතල් කරන එක පැත්තකට දාලා තට්ටේ පලයි කියන බය කොල්ලට තිබුනා. යුන්ගි පැහැදිලිවම හේසොක්ට කියලා ඉවරයි. මේ පාර නම් ඩිග්‍රිය ඉවර කරන්නම වෙනවා. එහෙම නොවුනොත් අප්පගෙන් උනත් බුරුලක් හම්බ නොවෙන්න හොදටම ඉඩ තිබුනා.

ඉතින් අහිංසක අසරණ හේසොකී ෆ්‍රො⁣පෙසර් කිම්මේ බඩු පෙට්ටිය... ඔය යුනිවර්සිටි වල සමහර ෆ්‍රොෆෙසර්ලට ඔහොම පෙට්ටියක් තියනවා . මාර පෙට්ටියක් හැබැයි ඒක. හරි හතරැස් . ඕකේ ඉතින් ඔය එයාලට ඕනේ විදිහෙ නිල කට්ටේ බීකරේ කොන්ඩිස් කෑල්ගේ ඉදලා පරණ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ දතක් කොණ්ඩම් එකක් දක්වාම ඕනේ දෙයක් තියෙන්න පුළුවන් . කිම්ගේ පෙට්ටියෙත් ඔය එකී මෙකී නොකී මල ජංජාල ඔක්කොම තියෙන්න ඇති. කෙසේ වෙතත් දැන් ඒ පෙට්ටිය තියෙන්න මින් හේසොක්ගේ අතේ. එතකොට එයා බලන් ඉන්නේ එයාගේ ෆ්‍රොෆෙසර් එනකම් හරියටම කිව්වොත්.... සොක්ජින් එනකම්.

හේසෝකී නහය උල් කරගෙන හොද හුස්මක් එක්ක තමන් ඉස්සරහා නතරවුනු උස කෙනා දිහා බැලුවා. හොදයි එයා හැමදාම වගේ මාර හැන්ඩ්සම් . එයා හිනා වෙන්න දන්නෑ වගේ මූණ හදාගෙන ඇස් අකුලන් හිටියේ. වෙනදා වගේම තමා වෙනසක් නෑ.. එයාගේ ෆැශනබල් කෝට් එක ඒක ලස්සනයි . හේසොක් කැමතියි මිනිස්සු ලස්සනට අදිනවට. අමාරුම දේ එයා ලගින් එන සුවඳ...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now