51. පයින් ගහන බබා

382 113 132
                                    

" ආයිශ්.... හියො...න්ග්....."

හෙසොක් හිටියේ ඔරවගෙන වගේ... එයාගේ කළු පැහැති කොණ්ඩ ගස් අස්සෙන් තද රතු පැහැති කොණ්ඩ කැරලි විදුලි එළියට තවත් දිලිසෙන්න පටන් අරන් තිබුණේ. එයා චුට්ටක් හෙයා කලර් එක වෙනස් කරා... ඔය මගුල කපලා දානකම් කරන්න තියන ඔක්කොම කරලා බලන්න එයා හිත හිතානෙ හිටියේ කොහොමත්. අනික ඒ ගින්දර රතු පාටට එයා මාර සෙක්සී....

හෙසොක් ටිකක් වැඩිපුර පිළිවෙලට එයාගෙ ඇදුම් හදාගෙන තිබුණා. එයා එහෙම වෙනදා අදින්නැති උනත් ඒ පිලිවෙලටත් හෙසොක් හරිම කඩවසම්....

" හේසො...කා...."

" ඇත්තටම මිස්ටර් කිම්...නම්....ජුන්.... ඔයාට මාව විහිළුවක් වගේ පේනවද කියන්න ආ...." හේසොක් තමන්ගේ අතේ තිබුණු අන්තිම අඩියට හිස් කරපු මත්පැන් වීදුරුව පැත්තකින් තිබ්බා.

ඇත්තටම එයා හිටියේ කේන්තියෙන් වගේම හරිම අපහසුවෙන්. කිම් සොක්ජින් වගේ මනුස්සයෙක් , උප ආරක්ෂක අගමැතිතුමා එක්ක මොන ලබ්බක් කියනවා ඇතිද කියලා හිතලම එයාට පිස්සු හැදුනා....

මේ හැමදේම නම්ජුන්ගෙ වැඩ !

ඒක එකපාරටම දරාගන්න බැරි තරම් හරිම අමාරු හැගීමක්... එයා මේ හැමදෙයක්ම තනියම හිතලා හිත හදාගත්තෙ කොච්චර අමාරුවෙන්ද.... එහෙම වෙලා තියන වෙලාවකත් ... මේ නම්ජුන්....ආයිශ්......

" මම ගෙදර යනවා හියොන්ග්" හේසොක් කිව්වේ නොරිස්සුමෙන් වගේ.

එයාට ඕනෙ නැති දේවල් එයාට ඕනෙ නෑ. ඒක කවුරු උනත් තේරුම් ගන්න එපැයි. එහෙම වෙලා තියෙද්දිත් එයාට දැන් සිද්ධ වෙලා තියනවා නම්ජුන්ගෙ පිස්සු වැඩ හින්දා තවත් තරහා අරගන්න.

" ඔයා එයාට ඇත්ත කියන්න ඕනෙ හෙසොක්" නම්ජුන් හරි පරිස්සමෙන් වචන අහුල ගත්තා.

" මොන ඇත්තද හියොන්ග්... ආ.... පිස්සු වැඩ කරන්න එපා"

ඉස්සරහට වෙන්න තියන දේවල් ඒ විදිහට වෙන එක හොදම දේ කියලා හෙසොක් විශ්වාස කරා. ඉතින් පලවෙනි පියවර විදිහට ගොඩාක් දුරට එයාට සිද්ධ වෙනවා එයා ආදරේ කරන අයගෙන් දුරස් වෙන්න.

ඉතින් ඒකට කල් තියාම පුරුදු වෙන එක ලේසියි. විශේෂයෙන්ම එකෙන් එයා වැඩියෙන්ම ආදරේ අයගෙ ජීවිතේ තවත් හොදින් ගතවෙයි කියන දේ එයා දැනටමත් තමන්ටම ඒත්තු ගන්වගෙන හිටපු නිසා...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now