22. හද නින්නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත්වෙන්නා

607 177 77
                                    

" නෝ බේබී.... මම එයාට කැමති නැ... " ටේහිය්‍යුන් විස්තර කරේ ජිමින් තවදුරටත් හොරෙන් හොරෙන් හේසොක් දිහා බලන හැටි දරාගන්න බැරිම තැන.

යාහ්.... එහෙම කරන්න පුළුවන් ද. එක දවසක් මුණ ගැහිච්ච මනුස්සයෙක්ව විශ්වාස කරන්න පුළුවන් ද

" ඒත් එයා ජිනී හියොන්ගේ ස්ටුඩන්ට් ..... " ජිමින් ආයෙමත් පටන් ගත්තා. පාට පාට විදුලි එලි කැරකෙන රාත්‍රි සමාජ ශාලාවේ මුල්ලක ටේහිය්‍යුන් ජිමින් එක්ක වාද කරගත්තේ මූණ හොදටම නරක් කරගෙන.

ජිමින්ට හම්බවෙන අලුත් අලුත් මූණු වලට එයා කැමති වෙනවා හරි අඩු උනාට හෙසොක් ජින්ගේ කෙමිස්ට්‍රි ස්ටුඩන්ට් කෙනෙක් වෙච්ච එකත් එයා හරිම කූල් කැරැක්ට එකක් හින්දත්, ජිමින් හිටියේ එයාට හොදටම කැමැත්තෙන් කියලා හොදටම පේන්න තිබ්බා ...

දැන් ටිකකට කලින් ජිමින් හිටියේ හෙසොක්ගේ අතකට ඇලිලා. ඒ කියන්නෙ හෙසොක් හිටියේ ජිමින්ගෙ අතකින් අල්ලගෙන ඇස් වලින් ආ නෑ.... මුළු ඇගෙන්ම ලස්සන හිනාවක් එක්ක ජිමින් දිහා බලාගෙන .

⁣එක අතකට එයා ජිමින්ගෙ ලස්සන පෙනුමට ඇලිල්ච පොඩි ඇබල පැටියෙක් වගේ කියලා ඔයාට කියන්න පුළුවන් ... හැබැයි එයාගේ අතේ තිබුනු බැන්ඩේජ් එක දැක්ක ගමන් නාඩගම පටන් ගත්තේ ජිමින් . ජිමින් මුලින් කලබල උනා. ඊට පස්සෙ එයා හේසොක්ගේ මුළු අතම තමන්ගෙ අත් වලින් අල්ල ගත්තා.

ඒක ටෙස්ට් ටියුබ් එකක් වට්ටලා කුඩු කරගෙන සිද්ධ වෙච්ච පොඩි තුවාලයක් කියලා හේසොක් කිව්වා. කියන්න උත්සාහ කරා. මොන... ජිමින්ට මුකුත් තේරුනේ නැ.

ජින් එයාගෙන් හවස් වරුවම කොච්චර වැඩ ගන්න  ඇතිද කියලා ඔයාලට හිතන්නවත් පුළුවන් ද

ඉතින් ඔයා දන්නවනේ ජිමින් කොච්චර කෙයාරින් ද කියලා . එයා ඒ විදිහටම හැසිරෙන්න ගත්තා. ටේහිය්‍යුන් හිටියේ ලොකු කතාවක හිර වෙලා උනත් තමන්ගෙ එහා පැත්තෙන් තෝර පෙත්තෙක් වගේ එල්ලිලා හිටපු එයාගේ පාට සරුංගලේ උණුසුම නෑ වගේ දැනෙන්න ගත්තම එයා කලබල උනා. ⁣එයාට අඩියකට විතර එහායින් ජිමින් අමුතු පාට ඇදුමක් ඇද ගත්ත කොල්ලෙක්ගේ අතෙ එල්ලිලා කිස් කරන්න තරම් ලං වෙලා ඉන්නවා දකිද්දි එයාගේ හොද පන මග ගියා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now