13. අර්ධ සහෝදරයා

718 199 135
                                    

සනීප උණුවතුරෙන් ජන්ග්කුක් ජිමින්ව හේදුවා. ජිමින්ගෙ කොණ්ඩේ එයා තනියම හෝද ගන්න දැගලුවත් ජන්ග්කුක්ගේ ශක්තිමත් අත් අතරේ හිරවෙන්න එයාට සිද්ධ උන එකෙන් දැගලිල්ල නවත්තගෙන බබා වගේ ඉවසන්න ජිමින්ට සිද්ධ උනා. ජිමින්ගෙ පුංචි ශෝට් එක තෙමිගෙන එනකොට තමයි අපහසුම දේ සිද්ධ උනෙ. ජිමින් හිටියේ ලැජ්ජාවෙන් රතු වෙලා උනාට ජන්ග්කුක් හැසිරුනේ හැගීමක් දැනීමක් නැති මනුස්සයා වගේ. ජිමින් ඇස් තදින් පියාගෙන එයාගේ ඔලුව ඇතුලේ මැවෙන නරක දේවල් නොහිතා ඉන්න උත්සාහ කරා උනත් ජන්ග්කුක් තෙමුනු උඩු කය දැක්කම එයාට හීන මවන්නැතුව ඉන්න හිත හදා ගන්න බැරි උනා.

නිශ්ශබ්දතාවයේ ගිලුනු වතුර කැලතෙන හඩ විතරක් ඇහුණු දිග වෙලාවකට පස්සෙ ජන්ග්කුක් ජිමින්ගේ ඉන වටේ ටවල් එක ඔතලා එයාගේ ශෝට් එක ගලවගන්න එයාට උදවු කරා. ජිමින්ට චොයිස් එකක් තිබුනේ නැ. ඉතින් එයා ජන්ග්කුක්ගේ උරහිස් වල එල්ලිලා සද්ද නැතුව ඕනේ මගුලක් උනාදෙන් කියලා හිත හදා ගත්තා.

ජිමින්ගෙ කොණ්ඩේ වේලන රාජකාරියට පස්සෙ ජන්ග්කුක් හදිසියේ අතුරුදහන් උනා. එයා මිනිත්තු පහකට විතර පස්සෙ එනකොටත් ජිමින් තියපු තැන එහෙම්ම බුම්මගෙන හිටියේ... එයාගේ අතේ තිබුනේ හුරතල් පාට පෑන්ට් එකකුයි බැගි ටී ශර්ට් එකකුයි. පෑන්ට් එක නම් ස්ක්‍රෙච්න් හින්දා ජිමින්ගේ ඉනට සෙට් වෙයි. ඒත් ඔන්න ටී ශර්ට් එකනම් ජිමින්ගේ දෙගුණයටත් වඩා ලොකුයි...

ජිමින් නිකමට වගෙ ජිමින්ගෙ පරණ ඇදුම් තියන ක්ලෝසෙට් එක දිහාට ඇගිල්ලක් දික් කරා. එයා අදහස් කරපු දේ ජන්ග්කුක් තේරුම් නොගත්තා නෙවෙයි.

ඒත් ඉතින් මොකටද ජන්ග්කුක්ගේ ඇදුම් තියෙද්දි ජිමින් පරණ ඇදුම් අදින්නේ.. හහ්....

ජන්ග්කුක් ජිමින්ගේ ඇගට ලොකු ටී එක දානකොටම වගේ කාමරේ දොර ඇරුනා. එතන හිටගෙන හිටියේ ලොකු චිප්ස් පැකට් එකක් බාගෙට කකා එන කිම් ටේහිය්‍යුන් . ජිමින්ගෙ කම්මුල් කේන්තියෙන් රතු උනා. එයා සයින් ලැන්ග්වේජ් එකෙන් ටේහිය්‍යුන්ට මොන මොනවදෝ කියන හැටි ජන්ග්කුක් බලන් හිටියේ කටත් බාගෙට ඇරගෙන.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now