24. අතීතය නොනැවතී සිපගැනීම

673 174 169
                                    

" ආ......................... ජිමි...නාහ්..............."

ටේහිය්‍යුන් යටිඋගුරෙන් කෑ ගැහුවා.

ඒකට කියන්නෙ තැපෑලෙන් වැදෙනවා කියලා.....

ජන්ග්කුක් හිටියේ එයාව උස්සගෙන. ඒකා නම් දරාගන්න බැරිතරම් බරයි. ටේහිය්‍යුන්ව කාමරේ ඇද උඩට දාලා එයාගේ ඇදුම් ගලවන එක ජිමින්ටම බාර දීලා එයා ගියා හොද ලෙමන් ජූස් එකක් හදන්න.

ඒත් ජන්ග්කුක්ගේ එනකොට ටේහිය්‍යුන් ජිමින්ව බදාගෙන පෙරලගෙන ඉන්න විදිහත් එයා මොනවදො මුමුනන ගමන් ජිමින් හුස්ම හිරවෙලා වගෙ මූණ රතු කරගෙන ජන්ග්කුක් දිහා බලන විදිහත් එක්ක ජිමින් ඉන්නේ ටේහිය්‍යුන්ගේ දඩු අඩු වලට හිරවෙලා කියලා ජන්ග්කුක් තේරුම් ගත්තා. එයා ටේහිය්‍යුන්ව පැත්තකට ඇදලා ජිමින්ව උස්සලා අරගෙන ඇදේ පැත්තකින් ඉන්දුවා.

ටේහිය්‍යුන් ඒ මොහොතෙම මුළු ඇදම අයිති කර ගත්තේ ජිමින් සුසුමක් හෙලද්දි.

ජන්ග්කුක් බෙල්ල අතගාගන්න ගමන් තමන්ගෙ අතෙ තියන ලෙමන් ජූස් එක දිහා බැලුවා. මේ වෙලාවේ ආයෙම ටේහිය්‍යුන්ව ඇහැරවනවා කියන්නෙ විහිළුවක්.

ජිමින් ඇදෙන් නැගිටලා පැටලි පැටලි ජන්ග්කුක් දිහාට ඇවිදගෙන ආවා. එයාටත් තැපෑලෙන් වැදෙමින් තිබ්බේ.

එයා ලෙමන් ජූස් එක එක හුස්මට බීලා ඉවර කරලා ගුඩුස් එක්කුත් ඇරියා. ජන්ග්කුක් ඇස් ලොකු කරන් ඉන්න විදිහට ජිමින්ට ලොකු හිනාවක් එලියට පැන්නේ එයාගෙ උරහිස් යන්තමට ගැස්සෙනකොට.... සද්දෙ නැතත් ජිමින්ගෙ පිම්බුනු කම්මුල් එයා සතුටින් කියලා පෙන්නුවා...

" ගර්.........." ජිමින්ගෙ බණ්ඩිය පුංචි සද්දයක් දැම්මා...

" රාමෙයොන් ...... රාමෙයොන් කමුද " ජන්ග්කුක් ජිමින්ගෙ කන්පෙත්තකට ඉක්මනින් මිමිණුවා.

ජිමින් සතුටින් ඔලුව වේගයෙන් ඉහල පහල කරා...

' ඔව් ඔව් ඔව් ඔව්...........'

ජිමින් කම්මුල් ඇදෙන ලස්සන හිනාවක් එක්ක ජන්ග්කුක්ගේ අතෙ එල්ලුනා....

ජන්ග්කුක්ගේ කම්මුල් ලැජ්ජාවටම රතු උනා.....

ජිමින් චුට්ටක් බිව්වම මෙච්චර කියුට් වෙනවා කියලා දන්නවනම් මනුස්සයා හැමදාම ජිමින්ට ඩ්‍රින්ක්ස් ගන්න දෙයි වගේ... අනික එතකොට එයා බය නැතුව ජන්ග්කුක්ගේ වටේ දැවටෙනවනේ. ඒක හරි ශෝයි.......

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now