42. නවත්තපු තැනින්

365 108 180
                                    

ඔයා හුස්ම ගන්න හැම තප්පරේකම වෙන හැම සංසිද්ධියක්ම ඊළගට වෙන්න නියමිත දේ තීරණය කරනවා කියලා කතාවක් තියනවා. ඒක හොද සතුටු අවසානයක්ද වේදනාකාරි එකක්ද කියන දේ සමහර වෙලාවට ඔයාට හිතාගන්න බැරි තරම් සංකීර්ණ වෙන්න පුළුවන් .... හැබැයි හැම ගෙවන තප්පරයකම අනාගතය පිලිබදව ගෙන එන අවිනිශ්චිත බීතියෙන් ඔයාව වෙලාගෙන තියන මොහොතක පවා ඔයාට පුළුවන් වෙන්න තියන ඉතා හොද දේ ගැන විතරක් කල්පනාවට ගන්න... ප්‍රාර්ථනා කරන්න... " අනෙ දෙවියනේ මේ දේවල් මෙහෙමනම් ඉවර වෙන්න එපා කියලා " වගේ. හැබැයි ඔය කියන දෙවියන්ටත් ඒ සමහර දේ ඔයා වෙනුවෙන් කියලා වෙනස් කරන්න බැරි වෙන්න තියන ඉඩ කඩ ඉතා වැඩ්යි.

ඉතින් ඔයාට සිද්ධ වෙන්න පුළුවන් අවධානය සහා සුදානම මලින් ඔයාගේ ජීවත් වෙන කාලය තවදුරටත් දීර්ඝ කරගන්න ඔයාටම උපකාරයක් කරගන්න . මම හිතන්නෙ ඔයාට මේ මං කියන්න හදන දේ පැහැදිලිව ඇති....

ඒක ඇත්තටම මහා විශාල වේදනාවක් තමයි . කෙනෙක්ට ⁣ඉතා බැරෑරුම් ලෙස දැක ගන්න හා දැන ගන්න අවශ්‍ය වෙච්ච කිසිම දෙයක් තවමත් ඒ කෙනාගෙ ඇස් ඉස්සරහා පේන්න තිබුනෙ නෑති එක වගේ දෙයක්... ඒක ලොකු බයක්, පසුතැවීමක් ගෙන දෙන කාරණයක්. පුංචිම හරි හාන්කවිසියක්වත් නැති එක වගේ...

එතකොට ඊලගට මෙතන තිබුනු ලොකුම වැරැද්ද උනෙ කවමදාවත්ම නැතිව එයාට තමන් වෙනුවෙන් අනික් අතට සටන් කරන්න අපහසු වෙච්ච එක. මම කියන්නේ සටන් කරන්නෙතුට තමන්ගෙ සටන අතහැර දාන්න වෙනවා කියන එක. ඒක සටන් කරන්න අපහසුයි කියනවටත් වඩා.... සටන් කරන්න තියන නොහැකියාව වගේ කිව්වත් හරි.....

කවමදාවත් නැතුව ජන්ග්කුක්ට අන්න එහෙම වෙන්න උනා. එයාට සිද්ධ උනා එයාට විරුද්ධව එල්ල වෙන හැම පහරක්ම දරාගෙන ඉවසගෙන තවදුරටත් ජීවත් වෙන්න. ඒ වගේම එයාට සිද්ධ උනා එයාගේ තරහා කේන්තිය කවමදාවත් නැතිව හරිම ඉවසීමෙන් පාලනය කර ගන්න, විශේෂයෙන්ම එයාගෙ අත පය හතර හොද ශක්තිමත්ව තියෙද්දිත්...

ජන්ග්කුක්ට කොහෙත්ම... කොහෙත්ම නිකරුනෙ නිරපරාදේ මැරිලා යන්න ඕනෙ උනේ නැ. කොහෙත්ම....

එයාට ඕනෙ තව දිග කාලයක් එයාගේ ජිමින් එක්ක ජීවත් වෙන්න. එයා එයාගෙ පුංචි ආදරවන්තයව හරිහැටි සිපගෙන සනසන්න හැමදේම හොදින් සිද්ධ වෙයි කියලා කියන්න ඕනේ උනත් මුලින්ම එයා දන්නවා මේ කළුවර විශාල කාමරේ ඇතුලෙ ඉන්න ෆ්‍රෑන්ක්ගේ හෙංචයියොන්ගේ පිපාසය සංසිදවෙනකම් මේ හැම පා පහරක්ම එයාට කාගෙන ඉන්න සිද්ධ වෙනවා කියලා...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now