50. හරිම ආගමික කිම් සොක්ජින් ! ජීසස්...

346 103 58
                                    

" දවස් තුනක්.... හහ්.... එයා හොදටම පරක්කුයි.... මම තරාහා...යි"

ජනෙලෙන් බෙල්ලත් එලියට දාගෙන පොඩි බව්වෙක් වගෙ එල්ලිලා ජිමින් දිහා බලාගෙන ඒ තට්ට බෝලේ හි⁣ටියේ. චුට්ටන් බෑග් එකක් උස්සගෙන සරුංගල්පාට කොණ්ඩේ ගස්ස ගස්ස හිනාවෙන ජිමින් දිහා....

ටේහ්‍යුන් හයියෙන් හිනා වෙන සද්දේ ජියොන් මැන්ෂන් එක පුරාවට පැතිරිලා යද්දිත් එයාට හරිම දුක හිතුනා .... තාම අර කොට බෝලෙට බැරිඋනානේ එයාව බලන්න එන්න.

තෝර පෙත්තා දැනටමත් හිටියේ සාලේ තිබුණු සැප කවුච් එකක වැටිලා ගුලිවෙලා. එයාට දැක්කා දන්න කියන කෙනෙක් තරහින් මූණ පුප්පගෙන ඉන්න හැටි... මොකද එයාට මෙතන්ට පේනවා ජනෙලෙන් එබිලා ගෙමිදුලේ ඉන්න ටේහ්‍යුනුයි ජිමිනුයි දිහා බලන් ඉන්න හොර ගෙඩ්ඩව...

" .... මම තරායි....තරායි....තරහම....තරායි............... " ජන්කුක් තනියම හිතුවා ආයෙම...

කොච්චර අමාරුවෙන්ද එයා මේ දවස් ටික ගත කර ගත්තේ. අලුත් නර්ස් සෝරා ගෙනත් දෙන අමුතු පාට පෙති ගිල ගිල... දවසෙම කාමරේ ඇතුලෙ තනියම. බෑමුත් නෑ... එයාට මුකුත් මතක් වෙන්නෙත් නෑ... බයිසිකලෙන් වැටුනම එච්චර දෙවල් වෙනවද මනුස්සයෙක්ට ආ...

අනික මමා එයා⁣ට ගෙනත් දුන්න පරණ පින්තුර බල බල එයා කොච්චර දේවල් මතක් කරගන්න හැදුව ද. මමා මේ දවස් ටිකේම එයා ලග ඉන්න එක ශෝයි උනාට එයා වැඩ එක්ක බිසී වෙනවා කියන දේ ජන්ග්කුක් දන්නවා. එතකොට එයාගෙ ඔලුවෙ කැරකෙන දේවල් එයා කියන්නෙ කාටද. කෝ එයාට යාළුවෙක්. ජිනී....ත් එයා ලග නෑ. මමා අප්පා ගැන ජන්ග්කුක්ට තේරුම් කරවලා දුන්න එකත් , මමා දැන් ජිමින්ගේ පපා කියන කෙනාව බැදලා ඉන්නෙ කියන එකත් ජන්කුක්ගෙ ඔලුවට හරිම අමාරු කාලයක් ගෙනාවේ. ඒත් එයාට ඇත්තටම ඔය කිසි දේකින් වැඩක් නෑ.

එයාට වැදගත් එයාගෙ බඩේ ඉන්න චුටී බබායි එයාගේ අප්පවයි එයාගෙ හොදම යාළුවා ජිනීවයි ටේහ්‍යුන්වයි බෑම් වයි විතරයි.....

ජන්කුක් දන්නවා එයාට සමහර සමහර දේවල් මතක නෑ කියලා. එයා පුංචි උනාට ... මම කියන්නේ එයා එහෙම හිතාගෙනනෙ ඉන්නේ... ඉතින් එහෙම පුංචි උනාට... එයාට මේ දේවල් ඔක්කොම පැටලිලත් වගේ උනාට එයා ජිමිනි එනකම් බලන් ඉන්නවා කියන්නෙ ඇත්ත දෙයක්නේ ආ..... ඒක ඇත්තම ඇත්ත දෙයක්. එයා හිටියේ ලොකුම ලොකු පාළුවකින්. ජිනී අනිවාර්යයෙන්ම එයාගෙ සුවදුක් බලන්න සෝරාට කතා කරනවා කියලා ජන්ග්කුක් දන්නවා. එයාට ඒ වෙලාවට ජිනි එක්කත් තරහා වෙන්න පුළුවන් . මොකද එයා සෝරට කතා කරන්නෙ එයාට පුළුවන් ජන්ග්කුක්ට කතා කරලා ඔක්කොම අහන්න...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now