8. තෝර පෙත්තා

691 192 51
                                    

එයාට තිබුනේ ටිකක් දුබුරු පාට කර්ල් කර්ල් කොණ්ඩයක්. එයාගේ ඇස් ලස්සනයි කියනවට වඩා සරාගියි කිව්වොත් හරි. එයාගේ දිග ඇගිලි නොඉවසිල්ලෙන් වගේ එයාගේ කෙහෙරැලි අතර දුවන්න පටන් අරන් තිබුනේ දැන් ගොඩාක් වෙලා ඉදලා.

" ආයිශ්..... "

තමන්ගෙ කකුලෙන් පුංචි ගල් කැටයක් කියලා එකක් තියනවා වගේ බොරුවට බිමට පයින් ගහන ගමන් තරුණ හාදයා එයාගේ ජංගම දුරකථනය අතට ගත්තා...

ලයිව් ලොකේෂන් තියන විදිහට මේ වෙනකොට එයා ' ඉන්න ඕනේ මේ ලග හරියේ කොහෙ හරි. පාරවත් අමතක වෙලාද යා..... අවුරුදු හතරක් කියන්නෙ මහා ලොකු කාලයක්යෑ. එච්චර දෙයක් අමතක වෙන්න එයාට කොමන් සෙන්ස් නැතිබංගස්තාන වෙලා යන්න ඕනේ.

" පණ්ඩිතයා මම කිව්වා එයාපෝට් එකට  එන්නම් කියලා.... " ටේහිය්‍යුන් තමන්ටම කියා ගත්තේ කාර් එකේ බොනට් එකට හේත්තුවක් දාන ගමන්. එයා තමන්ගෙ දුරකථනයේ උඩින්ම සටහන් වෙලා තිබුණු අංකය ඩයල් කරන ගමන් කැමරාව ඔන් කර ගත්තා. විඩියෝ කෝල් එක මැද්දෙන් ඒ ලස්සන මුණ පේනකම් ටේහිය්‍යුන් ඉවසීමෙන් බුම්ම ගත්තා. එයා කලින් වැඩියිද .... ඒත් මේ වෙනකොට එයා ⁣බුසාන් ඇවිත් ඉන්න ඕනේ......

තප්පර ගානකට පස්සෙ ටේහිය්‍යුන් හිටියේ හිටියටත් වඩා ඔරවගෙන . අනිත් පැත්තෙන් ආපු එක කෝල් එකක් වත් ආන්ස්වර් කරන්න කරදර නොවුනු එකට ටේහිය්‍යුන්ට තවත් අවුල් ගියා.

ටේහිය්‍යුන් කේන්තියටත් එක්ක දිග මැසෙජ් එකක් ටයිප් කරන්න පටන් ගත්තා. ඒත් ඒක සෙන්ඩ් කරන්න තප්පරේකට කලික් කාගේ හරි පුංචි රෝස පාට අතක් ටේහිය්‍යුන්ගේ උරහිසට පුංචි තට්ටුවක් දැම්මා. ටේහිය්‍යුන් මැසෙජ් එක අන්තිමට ඉමෝජිස් ගොඩාක් දාලා එහෙම්ම එක සෙන්ඩ් වෙන ඔෆ්ශන් එකට ටච් එකක් දිලා චව් වෙච්ච මූනෙන්ම ඔලුව යන්තමට ඉස්සුවා.....

" යා................ පාර්ක් ජිමින් !!! " ටේහිය්‍යුන් මුලින් පුදුම උනා දෙවනියට එයා පැනපු ගමන් තමන් ඉස්සරහා හිටගෙන හිටපු පුංචි පාට ෆ්ලපී කොලු පැටියව ඇදලා අරන් තුරුළු කරගෙන උස්සලා වටයක් කැරකුවා.

" මගේ ....... සමනල් පිහාට්ට .... " ටේහිය්‍යුන් මිමිණුවා. ජිමින්ගෙ උරහිස් වේගයෙන් ගැහෙන හැටියට එයාගේ සද්දේ නැති ගිග්ලින් හිනාව තේරුම් ගන්න ටේහිය්‍යුන්ට පුළුවන් උනා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now