40. ඉක්මනට එන්න ජන්ග්ගුකී ! ප්ලීස්

342 113 56
                                    

"තමුසෙට බෑ එයාට ඔහොම අත උස්සන්න " කිම් සොක්ජින් හිටියේ හේසොක්ව බදාගෙන තුරුළු කරගෙන. එයාව වෙව්ළුවා....එයාට කේන්තියි... එයා ගැනම එයාට මහා අවුලක් දැනෙන්න අරන්. එච්චර දෙයක් වෙනකම්ම ජිමින් , ජන්ග්කුක් , ටේහිය්‍යුන් එයාගේ කනෙන් රිංගුවේ කොහොමද

ජන්ග්කුක් හිටියේ පිස්සෙක් වගේ ඇස් වල කදුළු පුරවගෙන... එයා සම්පුර්ණයෙන්ම අවුල් ජාලයක් වෙලා ගිහින්.

මීට ටික වෙලාවකට කලින් ජිමින්ගෙ අතුරුදහන් වීම ගැන සොක්ජින් විස්තර කරාම හේසොක් ජන්ග්කුක්ට චෝදනා කරා ඒ හැමදේටම ජන්ග්කුක් වගකියන්න ඕනෙ කියලා... ජන්ග්කුක් සම්පුර්ණයෙන්ම කඩාගෙන වැටිලා ඉන්න වෙලාවක එයා එහෙම කියපු එක වැරදියි. ඒක එයාගෙ දරාගැනීමේ සීමාවෙන් පිට දෙයක්. ඒ උනත් ඒ කතාව ඇත්ත කියලා දැනටමත් හැමෝම දන්නවා .

ජිමින් අතුරුදහන් උනේ ජන්ග්කුක් නිසා !

"තමුසෙගෙ බල තන්හාව හින්දයි මේ හැමදෙයක්ම ජෝන්.... තමුසේ නිසයි ජිමිනිට මෙහෙම වෙන්නේ " හේසොක් කෑ ගැහුවා.

ජන්ග්කුක් හේසොක්ගෙ කම්මුල හරහර වේගවත් පහරක් එල්ල කරලා එයාව ඇදලා ලගට අරගෙන ආයෙම අත ඉස්සුවා.

" තමුන් ! "

" ඕක නවත්තනවා" සොක්ජින් කෑ ගැහුවා.

" ඇයි ? උබට දැන් ඕනෙ ඒක උනේ උබ හින්දා නෙවෙයි කියන්නද " හේසොක් කට කොනකින් හිනාවෙලා පැලුනු තොල් වල ලේ රස දි⁣වට දැනෙන්න ඉඩ හරින ගමන් ජන්ග්කුක් දිහා බැලුවා.

ජන්ග්කුක් හිටියේ කේන්තියෙන් වෙව්ලමින්.... ඒත් එයාට ආයෙම හේසොක්ට අත උස්සන්න බැරි උනා....

මොකද ඒ පාර එයාට කන පැලෙන්න පාරක් දෙන්න සොක්ජින් පසු බැස්සේ නෑ. එයා කවදාවත් එයාගෙ හිටපු හොද යාළුවට අත උස්සලා තිබුනෙ නෑ. එයාගෙ හිටපු හොදම යාළුවාගෙ ආත්මාර්ථකාමි හැසිරීම නිසාම සොක්ජින් එයාට අතැරියේ පුංචි කාලෙමයි... එවුනත්, එයා හැමදාම වගෙ ජන්ග්කුක් ගැන කෙයා කරා. එයා ජිමින්ව පරිස්සමෙන් බලා ගත්තා. ජන්ග්කුක්ගේන් ලැබෙන්නෙ නැති ආදරණිය සහෝදරවෙක්⁣ගෙ ආදරය සම්පුර්ණයෙන්ම ජිමි්නට දෙන්න සොක්ජින් වග බලා ගත්තා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Où les histoires vivent. Découvrez maintenant