20. දැන්ම අතාරින්න ... තමුසෙට පිස්සු ද හහ්

595 183 66
                                    

හේසොක්ගේ ඇස් පුදුමාකාර සතුටකින් පිරිලා තිබුණා. ඒක හරියට එයා පුදුම ලස්සන දෙයක් හොයා ගත්තා වගේ හැගීමක් එයාට අරගෙන ආවා. ඒක එච්චරටම ශෝයි .... ඇත්තටම . ජිමින්ගෙ පුංචි අත් අතාරින්න එයාට කොහෙත්ම උවමනාවක් ආවේ නෑ. එයාට කවදාවත්ම හිතිලා තිබුණේ නෑ එයාට පිරිමි ළමයෙක් ගැන ඒ වගේ විශේෂ හැගීමක් ඇති වෙන්න පුළුවන් කියලා . මම කියන්නේ සෙක්ශුවල් දෙයක් නෙවෙයි. ලෝකෙන්ම හංගලා තමන් ලග පරිස්සමට තියා ගන්න ඕනේ වගේ ආත්මාර්ථකාමි හැගීමක්. එයාගේ හොදම කෙනා වෙන්න උවමනාවක්. එයාව තව දැනගන්න. ලංවෙන්න උණුසුමට රෙද්දක ඔතලා පරිස්සම් කරන්න ඕනේ වගේ අමුතු දෙයක් ඒක.

හේසොක් ජිමින් එක්ක හිනා උනා. ඊට පස්සෙ එයා උඩ බිම බැලුවෙ මුකුත් හිතා ගන්න බැරිව වගේ. ජිමින්ගෙ රතු කම්මුල් අල්ලන්න එයාට ආස හිතුනා. ඒත් ඒකෙන් ජිමින් බයවෙයි කියලා හේසොක්ට හිතුනු නිසා එයා ඒ ගැන නොහිතා ඉන්න තීරණය කරා. එයාට රිද්දන්න හේසොක්ට උවමනාවක් නෑ.කොහෙත්ම.....

ජිමින් හිටියේ තමන්ගෙ අතේ ස්මාට් ෆෝන් එකවත් තිබුණනම් කියලා හිත හිතා. එයාට හේසොක්ට දෙයක් තේරුම් කරන්න තෙරෙන්නැ. එයා දන්නේ නෑ එයා ඉස්සරහා ඉන්න මේ අමුතු පිරිමි ළමයට මොනවා කියලා කියන්නද කියලා .

ජිමින් බෙල්ල ඇල කරගෙන එයාගේ හියරින් ඒඩ් හේසොක්ට පෙන්නුවා.

" කැන් යූ ස්පීක් ලවුඩ් " ජිමින් පැහැදිලි කරන්න උත්සාහ කරා.

හේසොක් ලොකු හුස්මක් එක්ක ඇගිලි වලින් ජිමින්ගෙ ඔලුවට උඩින් පාවෙන බැලුම්බෝලේ පෙන්නුවා.

ජිමින්ගෙ ඇස් ලොකු වෙලා පුදුමයට පත් උනේ ඇත්තටම එතන ඒ මොකක්ද තිවෙන්නෙ  කියලා එයාට හිතාගන්න බැරි වෙච්ච නිසා.

එයාගේ ඇදුමේ කෙලවරකින් අලවපු පුංචි පින් එකත් එක්ක තිබුණු දම්පාට බැලුම්බෝලේ එයාට ගෙනාවේ හරිම මොට්ට පෙනුමක්.

ජිමින් ඒ හිනාවෙන්ම හේසොක් දිහා බැලුවම එයා කරේ ජිමින්ගෙ බැලුම්බෝලේ පින් එක තමන්ගෙ අතට ගන්න එක.

" කියුට් "

හේසොක් තොල් මැතිරුවේ ජිමින් තව රතු වෙලා පිපිරෙන්න තරම් කම්මුල් පුම්බගෙන හේසොක් දිහා බලන් ඉන්නකොට.....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Donde viven las historias. Descúbrelo ahora