44. පෙඟිච්ච පාන් කෑල්ල

314 103 85
                                    

ජිමින් පීච් පාටට දිලිසෙන ගමන් කේක් ගෙඩිය ඉස්සරහා කේක් ගෙඩියක් වගෙ හිටගෙන හිටියේ . ඔයාලට කියන්න ජිමින්ගෙ හුරතල් කළු චුට්ටක් දිග කොණ්ඩේ ඔහෙ කඩාගෙන වැටිලා හැබැයි පිලිවෙලයි එයා හරිම පිරිසිදු ආත්මයක් වගේ පෙනුනේ.

එතකොට ඒ හිනාව....

සොක්ජින් ජිමින්ගෙ කම්මුලට ලොකු හාද්දක් දුන්නේ ජිමින්ව එන්කරෙජ් කරන්න වගේ. ටේහිය්‍යුන් හිටියේ ඔරවගෙන ඉන්න ජන්ග්කුක් එක්ක පාටි හෝල් එකෙ පැත්තට හිටගෙන. ජන්ග්කුක්ගේ ඇස් ජිමින්ගෙ ලස්සන කඩාගෙන හැලෙන හුරතල් පාට ගිලින ගමන් තඩි වයින් ග්ලාස් එකක් ඉතා හෙමින් හිස් කරා.

" ජනග්කුකාහ්.... " ටේහිය්‍යුන් ජන්ග්කුක්ගේ උරහිසක් වටේ එයාගෙ අතක් දා ගත්තා. ජන්ග්කුක් ඇහි බැමක් හිනී කරන ගමන් ටේහිය්‍යුන් දිහා බැලුවා.

" ඉස්සරහට පලයන් දැංවත්... බලපන් .... ඉයුන් වු.....ජිමින්ගෙ එහා පැත්තෙන් හිටගෙන ඉන්න හැටි උබේ ඇස් දෙකට පෙන්නැද්ද " ටේහිය්‍යුන් කිව්වා.

" ඉතින්..... " ජන්ග්කුක් වයින් වීදුරුය අඩියටම හිස් කරන ගමන් ටේහිය්‍යුන්ට රැව්වා.

" යා...යාහ්... උබට මේක විහිළුවක්ද .... ජන්ග්කුක් " ටේහිය්‍යුන් ජන්ග්කුක්ගේ උරහිසට පහරක් ගහන ගමන් එතනින් මෑත් උනේ ජිමින් දිහාට ඇවිදගෙන යන්න හිතාගෙන.

" හිටපුදෙන්... කොහොමත් ඔහොම එයා ලගින් ඉන්න වෙන්නෙ අද විතරයිනේ " ජන්ග්කුක් තොල මැතිරුවා. මම හිතන්නේ ඒක ටේහිය්‍යුන්ටවත් ඇහුනෙ නම් නෑ.

.
.
.
.

"saeng il chuk ha ham ni da...
saeng il chuk ha ham ni da..."

ඒ වෙනකොටත් ඇවිත් හිටපු අමුත්තෝ හැමෝමත් ජිමින්ගෙ පපා , ජන්ග්කුක්ගේ මමා වගේම ටේයොන්ග් සොක්ජින් එක්ක ඉයුන්වු ජිමින් වෙනුවෙන් උපන්දින ගීතය ගායනය කරන්න පටන් අරන් හිටියේ

" sarang ha neun jiminie....

saeng il chuk ha ham ni.... da..... "

ටේහිය්‍යුන්ගේ සිග්නල් එකට ජිමින් කැන්ඩ්ල්ස් නිමුවා.

" ඉස්සරවෙලාම මට....." ටේහිය්‍යුන් සොක්ජින් තල්ලු කරන ගමන් මැද්දට පැන්නා. ජිමින්ගෙ දාසයවෙනි උපන්දිනෙ වෙනුවෙන් මමා ස්පේශරි හදවලා තිබුණු ලොකු සන්ෆලවර් එකක් මැද්දේ චුටි ජිමින් කෙනෙක් හිටගෙන ඉන්න කේක් එකෙ රසම කෑල්ල ටේහිය්‍යුන්ගෙ කටට ඔබන ගමන් ජිමින් ඇස් ගිල්ලගෙන හිනා උනා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now