32. ඕ....මයි.....ගෝ....ට්......

889 136 96
                                    

ජිමින් හොද පැහැදිලි හිනාවක් එක්ක හොද අවධානයක් තමන්ගෙ අමුත්තට ලබා දීලා තිබුනේ. එයා දැනගෙන හිටියා කොහොමත් ප්‍රොපටි එකේ කලින් අයිතිකාරයා එයාව මුණ ගැහෙන්න එන බව. ඒත් ඒක මෙච්චර ඉක්මන් එකක් වෙයි කියලා එයා හිතුවෙ නෑ.

මිස්ටර් කීත් ඉස්සරහා හිටගෙන හිටපු හරිම කඩවසම් මනුස්ස රූපය ජිමින්ගෙ අත ඕනෙවටත් වඩා වැඩි වෙලාවක් අල්ලගෙන හිටියා.

" මට ඇත්තටම ඔයාව කලින් දැකලා තියනවා කියලා හිතෙන්නෙ ඇයි ? අපි කලින් මුණ ගැහිලා තියනවද" එයා ඇහුවා. කීත් හරිම ඉක්මනින් ජිමින්ගෙ කනට හැමදේම මිමිණුවා.

ජිමින් ඇත්තටම කිසිම අපහසුතාවයක් නැතිව එයාගේ සුපුරුදු විදිහට කමියුනිකේට් කරන්න පටන් අරන් තිබුනේ. මොකද කියනවනම් එයාගෙ නොහැකියාව තවදුරටත් එයාගෙ ඉදිරි ගමනට බාදාවක් කරගන්න එයාට ඕනේ උනේ නැති නිසා.

" සමාවෙන්න .... මට ඇත්තටම මතකයක් නැහැ. අනික් කාරණාව මම කොරියාවට ඇවිත් දැන් බොහොම පුංචි කාලයක් වෙන්නේ " ජිමින්ගේ දුරකථනයේ කථනය සදහාම සැකසුනු මෘදුකාංගය හැමදේම පැහැදිලිව කථන භාශාවට පරිවර්තනය කරා.

දේපලේ කලින් අයිතිකාරයා, අපි නැත්නම් මෙහෙම කියමු... ප්‍රසිද්ධ තරුණ ව්‍යාපාරික මිස්ටර් ලී ෆ්‍රෑන්ක්.... ජිමින් දිහා බැලුවෙ ඇස් ලොකු කරගෙන. මේ සම්පුර්ණ හමුවීමම එයාව සතුටට පත් කරා. ජිමින්ගෙන් එයා මොකක්දෝ විශේශත්වයක් දැක්කා. ඉතා හොද විදිහේ එකක්. එයා  ඉස්සරහා මේ හිටගෙන ඉන්න පුංචි මනුස්සයා හරිම ශක්තිවන්තයෙක් කියලා ෆ්‍රෑන්ක්ගේ කුඩා මොලයට සංවේදනය වෙමින් තිබ්බා.

" ඇත්තටම .... ඔයාව මුණ ගැහීම මට හරිම සතුටක් මිස්ටර් පාර්ක් " ෆ්‍රෑන්ක් ලී කිව්වා. එයා ජිමින්ට දැන්නම් හොදටම කැමතියි වගේ.

ජිමින් කරේ ආපස්සට එයාට ආචාර කරපු එක. ඒක හොද කතා බහක ආරම්භයක් කියලා පැත්තක ඉදන් බලන ඕනෙ කෙනෙක්ට පේනවා.

හැබැයි ඒ පැත්තක ඉදන් බලන මෙතන ඇත්තටම සිද්ධ වෙන දේ ගැන වැටහීමක් නැති බොහෝ දෙනෙක්ට විතරයි.

ජන්ග්කුක් හිටියේ ඔය දෙකොට්ඨාසයේම එක කොටසකවත් නෙවෙයි.

එයා ජිමින්ගෙ සුරංගනා හිනාවට වශි වෙලා ඉන්න මනුස්සයව පැහැදිලිව හදුනගත්ත පලවෙනි තප්පරේ ලොකු හුස්මක් ඇද ගත්තා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Onde histórias criam vida. Descubra agora