37. තහනම් මාතෘකාව

414 112 28
                                    

හේසොක් හිටියේ හොදටම අවුල් වෙලා..... එයාගේ සන්ෂයින් මූණ සම්පුර්ණයෙන්ම මැලවිලා....

" මම ගොඩාක් ඉමෝෂනල් වෙලා හිටියේ .... අයෑම් සොරි.... " සොක්ජින් පරිස්සමෙන් වචන අහුල ගත්තා.

" මගෙ දෙමව්පියෝ පිස්සුවෙන් වගේ ආගමිකයි.... ⁣එයාලා ශෝශල් සර්විස් කරන්න පටන් ගත්ත කාලේ ඉදලා තමයි මේ ඔක්කොම පටන් ගත්තේ.... තේහිය්‍යුන් චුට්ටක්වත් එහෙම නොවෙන හින්දා එයා තරුණ කාලෙම ගෙදරින් එලියට බැහැලා එයාගේ ෆ්‍රීඩම් එක හොයාගත්තා.... මම හරිම ෆැමිලි ඔරියන්ටඩ් මනුස්සයෙක් ⁣හේසෝකී.... මම එෆෙයාර්ස් වල පැටලෙන්නැත්තෙත් ඒකයි....අනික....." සොක්ජින් දිගටම කතා කරා.

" අනික.... මම ඔයා ගැන උනත් හැමදේම සිරියස්... අපේ ෆර්ස්ට් කිස් එකේ ඉදන් මාව පැටලිලා හිටියේ  .... මට ෆැමිලි එකක් ඕනේ... ගෙදරක්.... විවාහයක්.... ඒක ඇත්ත. ඔයා මං ගැන දන්නවා ....  ඒත් අද මම ඒක එහෙම කිව්වේ ඔයාට ටීස් කරන්න.... ඒත්.... ඔයාත් ඒ ගැන සිරියස් උනාම මමත් නිකන්ම මගේ ඇත්ත එලියට දැම්මා.... " සොක්ජින් වාහනයේ වේගය අඩු කරන ගමන් ලොකු සුසුමක් හෙළුවා.

" ඔයාගෙ විදිහ මම සෑහෙන්න කාලයක් බලන් හිටියේ ⁣.... යුන්ගි ඔයා ගැන කියලා තියනකොටත් මම ඔයාට අත තියන්න බය උනේ ඒකයි.... ඔයා ෆර්ෆෙක්ට් මනුස්සයෙක් මින්.... ඔයා මාව බය කරවනවා... ඔයාගෙ පිස්සු හැදෙන ඩේටින් හිස්ට්‍රි එක ගැන දන්න කෙනෙක් වෙලත් , මට ඔයාව සෙක්ස් කරලා අතැරලා දාන්නවත් මාව අතැරලා ඔයා යනකම් ගානක් නෑ වගේ ඉන්නවත් ම⁣ට බෑ.....  මම පරිස්සම් වැඩියි මම දන්නවා... ඒත්.... තවදුරටත් මම මාව පාලනය කරගෙන නෑ.... හේසොකී.... ඒක අද ඔයා දැක්කනේ " එයා කිව්වා. " ඒකේ තේරුම.....  මට ඔයාව ගේම් එකක් නෙවෙයි කියන එක.... මම මේ ගැන හරිම කෙයා කරනවා..... මම හරිම සිරියස් ....." සොක්ජින් යන්තමට හිනා උනා...

" සෝ ප්ලීස්....අයෑම් රියලි සොරී..... මම ඔයාට ආදරෙයි කියලා දැන්ම කියන්න බැරි එකට.... බට් මට ඔයාව ඕනේ.... මම ඔයාට හරිම ලෝබ වෙලා හරිම මෝඩ විදිහට " සොක්ජින් සම්පුර්ණයෙන්ම කාර් රථය පැත්තකට කරලා නවත්තලා දැම්මා. එයා කවදාවත් කරලා නැති තරම් තත්ත්වය පැහැදිලි කරවන්න උත්සාහ කරා. මනුස්සයා කවදාවත් එයාගේ ලෙක්චර් එකකට පස්සෙ අහන ප්‍රශ්නවලටවත් ඔච්චර බොක්කෙන් උත්තර දීලා නැතුව ඇති.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Onde histórias criam vida. Descubra agora