29. මිස්ටර් ලී

513 143 82
                                    

ඒක ජන්ග්කුක්ට එච්චර හොද සති අන්තයක් උනේ නෑ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඒක ජන්ග්කුක්ට එච්චර හොද සති අන්තයක් උනේ නෑ. කොහෙත්ම හිතෙ නිදහසක් එයාට තිබුනෙත් නෑ. නම්ජුන් හිටියේත් දේවල් මොනවහරි හි⁣තේ හංගගෙන. මියොල්ට තුවාල වෙලා තිබුනු විදිහෙන් නම්ජුන් ශොක් නොවී තිබුනෙ නෑ. ඒක හරියට එයාට හුරුපුරුදු මතකයක් ආයේ ආයේම වද දෙන්න පටන් ගත්තා වගේ අපහසු හැගීමක් එකතු කරා.

යන් මියොල් එන්න එන්නම තවදුරටත් අසාධ්‍ය තත්ත්වයට පත් උනෙ එයාගේ ජීවිතේ තවදුරටත් අවදානමෙ වැටෙනකොට. නම්ජුන් හිටියේ කරකියාගන්න දෙයක් නැති තරමට අසරණ වෙලා. ඒ වගෙම එයාට තමන්ගෙ කණ්ඩායමෙ අනික් සමාජිකයන් ගැන වද වෙන්නත් සිද්ධ උනා. කණ්ඩායමේ ආරක්ශාව තර කරන්න හිතාගෙන ජන්ග්කුක්ට අමතරව අනික් අයටත්  සෝල් එන්න කියලා පණිවිඩයක් යැවුවේ ඉස්සරහා ගමන ගැන ඒ අය එක්ක කතා කරන්න උවමනාවෙන්.

නෙක්ස්ට් බිග් ටූනා කවුද කියන කාරණාව මියොල්ගේ තත්ත්වයත් එක්ක ලොකුවටම කණ්ඩායම ඇතුලේ ප්‍රශ්නගත උනා. අවුරුදු ගානක හැම කැපකිරීමක්ම වතුරේ යවන්න පුළුවන් කමක් නම්ජුන්ට තිබුනේ නෑ. ඒ වගේමයි එයාට වෙන කරන්න පුළුවන් දෙයකට කියලා කිසිම ඔෆ්ශන් එකකුත් ඉතුරු වෙලා තිබුනෙ නැ.

ගැලපෙනම කෙනා මියොල් ! ඒත් එයා දැන් ජීවිතයත් මරණයත් අතර සටනක...

හදිසි රැස්වීමේදී නම්ජුන්ට සිද්ධ උනා මියොල්ගේ සැබෑ තත්ත්වය හෙලි කරන්න වගේම එයා පුළුවන් තරම් උත්සාහ කරා ප්‍රශ්නයේ බරපතල බව මගහරින්න. එයා විශ්වාස කරා උනත් එයාට ඉන්නේ හොද කණ්ඩායමක් කියලා නම්ජුන්ගෙ තීක්ෂණ බුද්ධිය මොකක්හෝ අනතුරක සේයාවක් එයාට පේන්න සැලැස්සුවා

ජන්ග්කුක් හිටියේ ඊළගට ගන්න ඕනේ පියවර මොකක්ද කියන එක ගැන නම්ජුන්ගෙ කටින් වචනයක් පිටවෙනකම් විතරයි. නම්ජුන්ට අවශ්‍ය මොකක්ද ඕනේම දෙයක් කරන්න එයා සුදානම්.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Tempat cerita menjadi hidup. Temukan sekarang