48 ජන්ග්කුක් ඇත්ත දන්නවා

329 106 111
                                    

" ඇයි ඒක එහෙම සිද්ධ වෙන්නේ ? " ජන්කුක්ගෙ මමා ඇහුවේ හරිම ඇග්‍රසිව් විදිහට. ඒ උනාට එයාට නොසැලෙන රූපකාය කදුළු වියළුනු කම්මුල් සහා හිස සෘජුව තියාගෙන කතා කරන එයාගෙ අමුතු පෞර්ශය ඉස්සරහා වෛදවරයා පවා හිටියේ අසරණ වෙලා. එයා ජන්කුක්ගෙ මමා ඉස්සරහා කතා කරන්න කලින් හතලිස්වෙනි වතාවටත් හොදට හිතුවා... ඇයි මෙ ගැහැණු මනුස්සයා මෙච්චර මුරණ්ඩු.

" ඇයි එයා ජන්කුක්ව බලන්න බෑ කියන්නෙ... එයාට මොනවද ඕනෙ... ඒ හැමදේම මම ලෑස්ති කරනවනෙ.. ඇයි එයා මේ දේවල් මෙහෙම-"

" කරුණාකරලා සන්සුන් වෙන්න මිසිස් ජියොන්.... මේක හිතන තරම් ලේසි නෑ..... ජන්කුක්ගෙ තත්ත්වය එක්ක ගතවෙන කාලය හරිම වැදගත්.... එතකොට ෆ්‍රොෆෙසර් පියදෙරාට, ජන්කුක් වෙනුවෙන් කැප කරන කාලය අපරාධයක් වගේ පේනවනම් එතකොට-"

" මගෙ දරුවගේ ජීවිතේ එහෙම අපරාධයක් වෙන්නෙ කොහොමද ඩොක්ටර් " ජන්කුක්ගෙ මමා කෑගැහුවා. එයාලා හිටියේ ⁣පැනික් වෙලා කේන්තියෙන් වගේම.... ඒ කේන්තිය පිට කරගන්න බැරි තරම් මහන්සියෙන්....

ජන්කුක් ඉන්න තත්ත්වයත් එක්ක ඒ වෙනුවෙන් හොදම වෛද්‍ය ප්‍රතිකාරයකට එයාව යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් ජන්කුක්ගෙ මමා බ්‍රේන් ඉන්ජරිස් සම්බන්ධයෙන් විශේශඥ වෛදවරුන්ගෙ සහය පැතුවා උනත්, එයාට ලැබුනෙ ප්‍රතික්ෂේප කිරීම් සහා වැඩි විශ්වාසයක් නැති ආකාරයේ පිළිතුරු විතරයි.

ඒ අතරිනුත් ඒ හැම කෙනාම යුරෝපීය ජාතික වෛදවරයෙකු වෙච්ච ෆ්‍රොෆෙසර් පියදෙරාගේ නම සදහන් කරපු හින්දා ජන්කුක්ගෙ මමා තමන්ගේ බලාපොරොත්තු අතහැර ගන්න කොහෙත්ම සුදානම් උනේ නෑ.

ජන්කුක්ගෙ සුවවීමට බොහෝ කාලයක් ගතවෙන බව ඒ හැම වෛදවරයෙක්ම කිව්වා උනත් ජන්කුක්ගෙ මමාට ඒ ඉවසීම තිබුනෙ නැහැ. ඒක තමයි ඇත්ත. 

ඒක අවුරුද්දක් ද මාස දහ අටක්ද අවුරුදු දහයක්ද ජීවිත කාලයමද කියන දේ එක්ක තවදුරටත් ආශ්චර්යවත් දෙයක් සිද්ද වෙනකම් බලාගෙන ඉන්න ජන්කුක්ගේ මමා ලෑස්ති නෑ . එයාට අවශ්‍ය ජන්කුක් ඉක්මනින් රිකවර් වෙන එක විතරයි.... පුළුවන් තරම් ඉක්මනින්.....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now