33. ම ර ණ ය

535 127 65
                                    

දවස් හෙමිහිට ගතවුනා.....

ජිමින් හිටියේ ගොඩාක් වැඩ ⁣හැන්ඩ්ල් කරන ගමන් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ දැඟලිල්ලත් හැන්ඩ්ල් කර ගන්න උපරිමයෙන් උත්සාහ කර ගන්න ගමන්. හැමෝටම කෝල්ඩ් බෙයා කෙනෙක් වගේ පෙනුනට ජන්ග්කුක් ජිමින් ඉස්සරහා හැසිරෙන්නේ ජලබිතිකාව හැදිච්ච පොඩි බව්වෙක් වගේ.

අනික් පැත්තට එයා හිටියේ මොකක් හරි හිතේ තියාගෙන. ඒක ජන්ග්කුක්ට නෝට් උනේ නැති තරම්. හැබැයි ටේහිය්‍යුන්ගේ කනින් නම් ජිමින්ට රිංගන්න බැරි උනා.

" ඔයා ඔය ගැන ජන්ග්කුක් එක්ක කතා කරන්න ඕනේ " ටේහිය්‍යුන්ගේ යෝජනාව උනේ ඒක.

එතකොට අනික් පැත්තෙන් එයාගේ චුටී ටීම් එකට ලොකුම ලොකු ඇඩ්වර්ටීස්මන්ට් එකක් කරන්න මාර චාන්ස් එකක් පැදිලයි තිබ්බේ. කොහෙන් කොහොම උනත් එයාලා ජිමින්ගෙ ඇඩ්වර්ටීස්මන්ට් ටීම් එකෙන් කරපු ටූත් පේස්ට් ඇඩ් එකට මාරෙට කැමති වෙලා හිටියේ. ඒ හින්දා ඔන්න හා හා පුරා කියලා ඇනිමේෂන් නොවන තද නළුවෙකුයි නිළියකුයි ඔබලා හදන ලොකු⁣ ප්‍රොජෙක්ට් එකක් කරන්නයි එයාලට වෙලා තියෙන්නේ. මේ පාර ප්‍රමෝට් කරන්න තියෙන්නේ අලුත් සන් ක්‍රීම් එකක්. ඉතින් අවුරුද්දේ මේ කාලේ ඕකට හරියන හොදම ලොකේෂන් තියෙන්නේ ජේජූ අයිලන්ඩ් කියලා යෝජනා කරෙත් අර කම්පැනි එකෙන්මයි. මුලින්ම ජිමින් ප්‍රොඩක්ට් එක චෙක් කරනකම් කැමති උනේ නෑ වැඩේට. ඒත් ඒකේ රිසාල්ට්ස් ගැන කරපු ප්‍රසන්ටේෂන් එකෙන් පස්සෙ එයා වැඩේට කෙලින්ම කැමති උ⁣නා. මොනවා උනත් අන්තිමට මිනිස්සු එයාලගේ හමට මේක පාවිච්චි කරනවා. ඉතින් ඒකමයි ජිමින් කොච්චර බ්‍රැන්ඩඩ් උනත් ඒ ගැන රිසච් පාට් එකක් අවශ්‍ය බව කිව්වේ.

ජිමින්ගෙ ජේජූ ගමනට දවස් වැටෙනකොට ජන්ග්කුක් ඉන්නවට වඩා හරිම නොසන්සුන් වෙලයි හිටියේ. ජිමින්ට ජන්ග්කුක්ට අවධානය දෙනවට වඩා වැඩ ගොඩාක් වැඩි උනා. එයා නිදාගත්තේ පවා අඩුවෙන්. හොදම දේ යෝජනා කරපු ඇක්ටර් ඇන්ඩ් ඇක්ට්‍රස් මුල ඉදලම පිස්සු කෙලින්න පටන් අරන් තිබුනේ. ඒ දෙන්නාගෙන් මුලින්ම මේකට බෑ කියන උත්තරේ ආවම ජිමින්ගෙ ටීම් එක අන්ත අසරණ උනා.  ඊළගට එයාගේ කැමරාමන් අසනීප වෙච්ච එක එක්ක එයාලට අලුත් කෙනෙක් හයර් කරන්න ⁣උනා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now