19. බැලුම්බෝලේ

590 174 74
                                    

ජිමින් හිටියේ එයාට වඩා හතරගුනයක් විතර ලොකු කාට් එකක් තල්ලු කරගෙන යන ගමන් ජන්ග්කුක් මොට්ටයෙක් වගේ එයාගේ පස්සෙන් ඇවිදිනවා. ජිමින්ට ශුවර් නෑ කොයි වෙලේ ජන්ග්කුක්ට ඕක ඇති වෙයිද කියලා . එ හින්දා එයා තමන්ගෙ පස්සෙන් එන්න එපා කියලා එයාට කියන්න ගියෙත් නෑ . ඒත් මේක දැන් හරියන පාටක් නෑ. බොඩිගාඩ් වගේ..
බඩුවක් තෝරන්නෙත් නෑ. ඔහෙ නිකන්ම තුවාල වෙච්ච අතත් පද්ද පද්ද ....

කෙසේ වෙතත් ඉතින් ජන්ග්කුක් ⁣වචනයක්වත් නොකියා ජිමින්ගෙ ලස්සන පස්ස දිහා බලාගෙන පිටි පස්සෙන්ම හිටගෙන හිටියේ මෙච්චර චුට්ටන් ශෝට් එකකින් එයාගේ වැහුනේ නැති ලස්සන ⁣සෝස කකුල් අල්ලගෙන මිරිකන්න තරම් ශෝයි හැගීමක් එයාට දැනෙනකොට. වාහනේ එන අතරතුරේ ජිමින් ජන්ග්කුක් අතර කිසිම කතාබහක් ඇති උනේ නෑ. හරි ඉතින් චුට්ටක් කතා කරන්න අපහසුතාවයක් තියනවා තමයි. ඒත් එයාලට කතා කරන්න දේකුත් නැති එකේ දෙන්නම සද්ද නැතුව සුපර්මාකට් එකට එනකම්ම ආවා.

ජන්ග්කුක් වැඩියෙන් නිශ්ශබ්දව ඉන්න කැමති කෙනෙක් නිසා ජිමින්ට කතා කරන්න බැරි එක එයාට කිසිම ආගන්තුක බවක් කවදාවත් ගෙනාවේ නෑ. පුංචි දවස් වල ඉදලම හදිසියේ ඒ දෙන්නා පුංචි රණ්ඩුවක් ඇල්ලුවොත් මිසක් එතනින් එහාට ජන්ග්කුක් කැමතිම නිශ්ශබ්දව ජිමින් දිහා බලන් ඉන්න. ජිමින් කටර් එක වගේ සයින් ලැන්ග්වේජ් එකෙන් ටේහිය්‍යුන් එක්ක කතා කරනවා බලන්න එයා ආස උනා. ඒ නැතත් නිශ්ශබ්ද ජිමින්ගෙ හුරතලේට උල් වෙන සෝස තොල් දිහා පැය ගානක් බලාගෙන භාවනා කරන්න ජන්ග්කුක්ට පුළුවන්.

ජිමින් ජන්ග්කුක් දිහා බලලා එළවළු රාක්කිය පෙන්නුවා . ඒ කියන්නෙ බට්ටා දැන් හදන්නේ ඒ පැත්තට යන්න කියලා ජන්ග්කුක් දැන ගත්තා. ජිමින් තමන්ගෙ දුරකථන තිරයේ මොනවද කුටු කුටු ටයිප් කරලා ජන්ග්කුක් දිහාට ඒක දික් කරා.

" මේ ටික අරන් කාට් එකට දා ගන්න. එතකොට ඉක්මනට අපට යන්න පුළුවන්..
"

ජිමින් ක්ශණික ආහාර තොගේක නම් දාපු ලිස්ට් එකක් ගැන නෝට් කරලා තියන ජිමින්ගෙ හුරුබුහුටි දුරකථනය ජන්ග්කුක්ගේ අතින් තිබ්⁣බේ ජන්ග්කුක් ඇස් ලොකු කරගෙන කට උල් කරගෙන ජිමින් දිහා බලනකොට...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin