55. විලී කොහෙද ගියේ ?

393 107 117
                                    

සොක්ජින් හිටියේ ඉවසීම කියන දේ අන්තයටම ප්‍රගුණ කරපු ධ්‍යානලාභියෙක් වගේ.

මෙහෙමයි ඉතින් එයා ෆ්‍රොෆෙසර් කෙනෙක් හැටියට දිර්ඝ කාලයක් නසරානි යුනිවසිටි ස්ටුඩනට්ලා එක්ක වැඩ කරපු එකට අමතරව වෛද්‍යවරයෙක් විදිහට වෘත්තිමය පළපුරුද්දයි එයාගෙ නාහෙට නාහන බෝයිෆ්‍රෙන්ඩ් එක්ක අල්ලන පිස්සු රණ්ඩුත් එක්ක එයා ඇත්තටම සෑහෙන්න ඉවසන පරිණත මනුස්සයෙක් වෙලා දැන් සෑහෙන කල් වෙනවා.

හැබැයි ජන්ග්කුක් දැන් නටන නාඩගමනම් එයාව සෑහෙන්න පරික්ෂා කරන බවක් තමයි පේන්න තියෙන්නේ.

ජන්ග්කුක් ..... ජියොන් ජන්ග්කුක්.... එයාගෙ බොරු කලන්තෙන් පස්සේ විශාල පාපොච්චාරණයක් කරා එයාගෙ අසරණ ප්‍රෙග්නන්සි එක ගැන.

ඒකත් මාරම ආතල් කතාවක් උනේ අහිංසක ජිමින්ට ජන්ග්කුක් කියන දේ තේරුම් කරවන්න අනික් අයට නොහැකී වීම මත, එච්චරටම එයාලා හිටියේ ශොක් වෙලා.

ජන්ග්කුක් කිව්වා එයා ප්‍රෙග්නන්ට් කියලා, ජිමින්ගේ දරුවෙක් එයාගෙ ඇග ඇතුලේ දගලන එක වගේම.... එයාට කැරකිල්ල , වොමිටිං ප්‍රශ්න , ඇගට දැනෙන තෙහෙට්ටුව  ඔය අනම් මනම් ඔක්කෝමත් එක්ක දැනෙන මේ අමුතු දේ එයා ප්‍රෙග්නන්ට් කියන එක තවත් ඔප්පු කරවනවා කියලා එයා තර්ක කරා.

" මම ප්‍රෙග්නන්ට් ! " ජන්ග්කුක් කෑ ගැහුවා.

එයා මෙච්චර කියලත් ඇයි මේ මොට්ට සොක්ජින් ඇද වෙච්ච ඇබයක් වගේ එයා දිහා බලන් ඉන්නේ.....

" ඔයා ප්‍රෙග්නට් නෑ ජන්ග්කුක් " සොක්ජින් හරිම පැහැදිලිව කිව්වා... මේ එයාගෙ විසි එකොලොස්වෙනි වතාව මේ කාරණාව පැහැදිලි කරවන. මොන පිස්සු යක්ශ පැටියෙක්ද මේ...

මීට ටික වෙලාවකට කලින් සෝෆාව උඩ වැටිලා හිටපු ජන්ග්කුක් යන්තමට ඇස් අරිනකොටත්, ඊට පස්සේ හේසොක් පැත්තක බය වෙලා කදුළු පෙරන ජිමින්ව තුරුළු කර ගන්න හැටි දැක්ක ගමන් ජනග්කුක්ට ආයෙම කැරකිල්ල හැදුනා... එයාට හරිම ඉරිසියයිත් එක්ක...

ඉතින් එයා කෑ ගැහුවා.

" මම ප්‍රෙග්නන්ට් "

සොක්ජින් කටත් ඇරගෙන ජන්ග්කුක් දිහා බලනකොට ජිමින්ව යන්තමට පැත්තකට කරන ගමන් කුතුහලයෙන් පිරුණු හේසොක් ජන්ග්කුක් ලගට කිට්ටු කරා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now