5. බෝල බෝල ඇස්

718 188 22
                                    

ඉතින් එහෙමයි ජන්ග්කුක්ට එයාගේ හොදම යාළුවව නැති උනේ.

ජන්ග්කුක්ගේ මමාගේ විවාහයෙන් පස්සෙ ජිමින් එයාලා එක්ක පදිංචියට එන බව ජන්ග්කුක් දැනගෙන හිටියා. හොස්පිටල් එකේ ඉදලා ගෙදර ආවම ජිමින් වැඩිය එලියට එන්න උත්සාහ කරේ නෑ. ජින් නොවරදවාම හැමදාම හවසට ජිමින්ව බලන්න එන එක පුරුද්දක් කර ගත්තේ ඔය අතරදී. ඒකට ⁣ටේහ්‍යුනුත් හවුල් වෙච්ච එක ජන්ග්කුක් දරාගන්න තවත් අමාරු උනා. හවසට ජිමින්ගෙ අලුත් කාමරේ දිහායින් එන සතුටු හිනා සද්ද වලට ජන්ග්කුක් වෛර කරා. බෑම් ටේහිය්‍යුන්ට හරිම ආදරෙයි කියලා ජන්ග්කුක් දැනගෙන හිටියා. ඉතින් ටේහිය්‍යුන් ජිමින්ව බලන්න එන්න තියා ගත්තම බෑම් ඒ පස්සෙන් වැටිලා ජිමින්ගෙ කාමරේට යන හැටි ජන්ග්කුක් බලන් හිටියේ ගින්දර පිටවෙන ඇස් වලින්.

ගෙදර ඇවිත් සතියක් ගිහිනුත් ජිමින්ගෙ ඡායාවක් වත් ජන්ග්කුක්ට දැක ගන්න නොලැබුනු එකටත් එයා හිටියේ කේන්තියෙන්. ඒක හරිම අමුතුයි තමයි. එයා ජිමින්ගේ හැම දේකටම වෛර කරනවා තමයි. ඒත්... සමහර වෙලාවට ජිමින් රූප පිරුණු ලොකු පොතක් දිහා බලන් හිනාවෙන හැටි දකින්න ජන්ග්කුක් කැමති උනා... ඒත් එයා තවදුරටත් එයාගේ අලුත් සහෝදරයාය වෛර කරා.

ජිමින් සම්පුර්ණයෙන්ම උද්යෝගිමත් සිනහමුසු සුන්දර අයෙක් බවට හැරෙනකොට ජන්ග්කුක් සම්පුර්ණයෙන්ම වගේ අමුතු නරක සහා දරදඩු හැසිරීම් රටාවක් පෙන්නන කෙනෙක් බවට පත් උනා. එයාට කවුරුත් රිස්සුවේ නෑ වගේම ජින් එයා එක්ක කතා නොකරන එක ජන්ග්කුක් ගනන් ගත්තේ නැති තරම්. එයා හිටියේ තනියම. ඉස්කෝලේ ගියත් තවදුරටත් එයාට යාළුවෝ කවුරුවත්ම හිටියේ නැත්තේ ජන්ග්කුක් එයා ලගින්ම කියලා තියන් හිටියේ සොක්ජින්ව විතරක් නිසා. ඒ මදිවට එයා ආයෙමත් ඉස්කෝලේ යන්න පටන් අරන් පළවෙනි සතියේ ගෙදර ආවේ නහයෙන් කටෙන් ලේ පෙරාගෙන. එයා ඉස්කෝලේ නසරානි කොල්ලෙක් එක්ක ලොකු රණ්ඩුවක් අල්ලා තිබුනා. පුංචි හුරතල් කුකී තවදුරටත් පුංචි සහා හුරතල් උනේ නැහැ. එයා ජියොන් කෙනෙක්. ස්වාභාවයෙන්ම එයා එයාගේ තාත්තා වගේ දරදඩු කෙනෙක් බවට පත්වෙමින් ඉන්න බව එයාගේ මමා තේරුම් ගත්තේ එදා...

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now