41. බලාපොරොත්තු !

340 100 17
                                    

සමහර වෙලාවට... සමහර වෙලාවට ඔයාට එහෙම පැත්තකට වෙලා ඔයාව බේර ගන්න කෙනෙක් එයි කියන විශ්වාසෙන් ඉන්න බැරි වෙලාවක් එන්න පුළුවන් ...

ජිමින් ඇහැරිලා පැය බාගෙකට විතර පස්සෙ එයාට හිතුනා තවදුරටත් එයා තමන් වෙනුවෙන් සටන් නොකර ඉන්න තීරණය කරන එක කොච්චර වැරදියිද කියලා .....

මම කියන්නෙ ඒකෙන් එයා බලාපොරොත්තු අතහැර ගත්තා කියන එක නෙවෙයි. එයා හැමවෙලේම තමන්ගෙ ආදරණීයන්ව විශ්වාස කරා. ඒත් එයා ⁣අස්සක මුල්ලක මෙහෙම හිර වෙලා ඉන්නේ තනියම නෙවෙයි කියලා දැනගත්ත පළවෙනි තප්පරේම එයාගෙ හිතට අමුතු බයක් දැනෙන්න ගත්තා.

එයා ඇහැරෙනකොට එයාගෙ මූණට එබීගෙන හිටපු නන්නාදුනන මුහුනු දෙක, ජිමින්ගෙ අන්තිම ශක්තියත් හූරලා අයින් කරලා දැම්මා උනත් එයා උත්සහා කරා එයාව සන්සුන් කර ගන්න. එයාගෙ පපුව ආයෙම හිර උනත් එයාට මේ මර උගුලෙන් ගැලවෙනකම් හුස්ම ගන්න වෙනවා කියලා එයා දන්නවා.

එතනින් කෙනෙක් එයාට කලින් මුනගැහුනා... ඒ එයාව පැහැරගත්ත අයගෙන් කෙනෙක්. එයාට හොදටම මතකයි.

අනිත් කෙනා අලුත් වගේ. එයාට තිබුනෙ විශාල ශරිරයක්. එයාගෙ ඇස් හිනී වෙලා තිබුනෙ මුහුනෙ කැපුම් සලකුණු තවත් උලුප්පවලා පෙන්නලා. ඇත්තටම එයා හරිම භයානක පාටයි... කිසිම තෙකමනක් නැති ඇස් දෙකක් ඒක. නමුත් ඒ පුද්ගලයා හිටියේ කුතුහලයෙන් පිරිලා.

" එයා ඇහැරිලා " අමුත්තා මිමිනුවා. ජිමින් එයා⁣ලගෙ තොල් කියවන්න උත්සාහ කරා....

" එතකොට බොස් ? "

" එන ගමන්... "

දැන් කොච්චර වෙලාවක් ගතවෙලා ඇතිද කියලා ජිමින් කල්පනා කරා. පැයක්... දෙකක්.... සමහර විට ඊට වැඩි වෙන්න පුළුවන් .... කාලය ගතවෙන වේගය ගැන තියන නොදැනුවත්භාවය ජිමින්ගෙ ජීවිතේ ටිකක් අමාරු කරවනවා. එයා දැන් කොච්චර වෙලාවක් මෙතන හිරවෙලාද

වෙලාව ගැන මෙලෝ දැනීමක් එයාට තිබුනෙ නෑහැනෙ...

ජිමින්ට කතා කරන්න නොහැකි උනත්, එයාගෙ කන්වලට හොදින් හැමදේම ඇහුනෙ නැති උනත්, එයාගෙ ඇස් දෙක පුදුම තරම් තියුණු වීම හැමවෙලේම වාසනාවකට තිබුනා. දෙවියෝ කොච්චර කෘර උනත් බලාපොරොත්තුවේ දේවදුත ආලෝකය ජිමින්ගෙ උරහිසක පැත්තෙන් දිලිසුනා. එයාගෙ ඇස් දෙක ඉතා තියුණු ලෙස අවට සියලු දේ ඉක්මනින් ග්‍රහනය කර ගත්තා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now