12. කුණු බිත්තරයා

649 187 74
                                    

ඩබල් ජන්ග්කුක් .... මම කිව්ව ගානෙන් ඩබල්. තමුසෙ අද කරපු මොකක්ම හරි හින්දා ජිමින්ට රිදුනා. එතකොට මගේ ගාන ඩබල් වෙනවා... " ටේහිය්‍යුන් අතේ කරක කරක හිටපු අලුත්ම වයින් බෝතලේ ජන්ග්කුක් ඉස්සරහින් තිබ්බා.

ජන්ග්කුක් සද්ද බද්ද නැතුව තමන්ගෙ අකවුන්ට් එකට ලොග් උනේ ටේහිය්‍යුන් පෙරේත හිනාවකින් ජන්ග්කුක්ට සංග්‍රහ කරන හැටි දරාගන්න බැරිව.

එයාලා අත ලිඛිත ගිවිසුමක් තිබුණා. ගිවිසුමේ හැටියට තමා මේ දේවල් සිද්ධ වෙන්නේ.

ඒකෙන් හොදටම වාසි ගත්තෙ ටේහිය්‍යුන් උනාට ජන්ග්කුක්ටත් එකේන් පුදුම ලස්සන දේවල් තොගයක් හම්බවෙච්ච නිසා දේවල් දෙපැත්තටම හොදට සිද්ධ උනා.

ටේහිය්‍යුන් උගුරෙන් අමුතු සද්දයක් දාන ගමන් ජන්ග්කුක්ගේ උරහිසකට මිතුරු ප්‍රහාරයක් එල්ල කරේ මත්පැන් ගබඩාවෙන් පිටත් වෙන්න හිතාගෙන...

ඒත් හදිසියේ ඉතා වැදගත් මතක් කිරීමක් කරන්න ඕනේ කියලා ටේහිය්‍යුන්ට හිතුන එක එයාව තප්පරේකට නැවැත්තුවා.

" මම හිතන්නේ ජිමින්ට වොශ් දා ගන්න කාගේහරි උදව් ඕනේ. මම නම් හිතුවේ මමම ඒකත් කරනවා කියලා . වෙන කට්ටිය හිටියට ඉතින් බාගෙට බීලා... හතරවටේම නහය තියා ගන්න බැරි තරම් ගද ගහගෙන..... "

" මම ඒක කරන්නම්.. තමුසෙ මුකුත්ම මේ ගැන දන්නෑ වගේ පැත්තකට වෙනවා " ජන්ග්කුක් හදිසියේ කිව්වේ තදින් හුස්ම ගන්න ගමන්.

" ඇති යන්තම් තමුසෙගෙ ඔලුව පෑදුනා. මම ජිනීවත් අරන් පල්ලෙහාට යනවා. ජිමින් ඉන්නේ අප්ස්ටෙයා එකේ දකුණට තියන තුන්වෙනි රූම් එකේ... ගුඩ් ලක් බ්‍රෝ . " එයා කිව්වා. " මගේ පොඩි එකාව බය කරොත් මම උබව හින්දනවා ජියොන් " ටේහිය්‍යුන් ඒ අතරේ පුංචි තර්ජනාත්මක කටහඩකින් ජන්ග්කුක්ට වචනයක් දැම්මා.
.
.
.
.
.
.

ජන්ග්කුක් කරේ මුලින්ම හොදට නා ගන්න එක. එයා ඒකට පැයකට වඩා ගත්තා. එයාගේ මොජිස්ටලයිස් බොඩ් ලෝශන් එක අඩියට යනකම්ම එයා ඇගේ හැම අගලක්ම ඒකේ සුවදට හරියන්න තියනවාද කියලා දැනගන්න තරම් පරිස්සම් උනා. වැරදියට හිතන්න එපා. මනුස්සයට ඕනේ තමන් බීපූ විස්කි සුවද මකාගන්න. නැත්නම් හරිත් නෑනේ. එයා මේ වැදගත් වැඩකටනේ යන්න හදන්නේ.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now