7. නම්ජුන් හියොන්ග්

712 192 10
                                    

" ජන්ග්කුක් නවත්තගන්නවා ! " නම්ජුන් , ජන්ග්කුක්ගේ ගුරුවරයා, ජන්ග්කුක්ගේ හියොන්ග් , ජන්ග්කුක්ව ටිකක් හරි දන්න කෙනා..... තව මොනවද ..... ම්ම්ම් ..... ජන්ග්කුක් ඇහුම්කන් ⁣දෙන එකම කෙනා ....

අන්න ඒ කෙනා ජන්ග්කුක්ගේ අතෙන් උදුරලා ගත්ත සැර බ්‍රැන්ඩ් බෝතලය පැත්තකින් තිබ්බා. ජන්ග්කුක් වචනයක්වත් නොකියා රවාගෙන ඉස්සරහා බලා ගත්තා. එයා කොච්චර කේන්ති ගත්ත්ත් ඒ කේන්තිය ඉවසගෙන ඉන්න එකම තැන එයාගේ නම්ජුන් හියොන්ග් ඉස්සරහා විතරයි . නම්ජුනුත් ජන්ක්කුක් අතර තිබුනේ මොන වගේ සම්බන්ධතාවයක්ද කියලා කාටවත් තේරුනේ නැහැ. නම්ජුන්ට තිබුණා ලොකු පවුලක්. එයා⁣ට හිටියා කඩවසම් වැඩිමහල් සහෝදරයෙක්. එයාට තිබුනේ පුදුම තරම් ලස්සන හිනාවක්. නම්ජුන් සහා සියෝජුන් කියන්නෙ හාත් පසින්ම වෙනස් චරිත ස්වාභාවයන් තිබුණු පිටස්තර රූපෙන් පවා එකිනෙකාට වෙනස් හැසිරීමක් තිබුනු දෙන්නෙක්.

සියෝජූන් බොක්සින් ශූරයෙක් වෙනකොට නම්ජුන් උසස් පාසලේ ක්‍රිඩා නායකයා. ඒ්ත් ජිවීතේ කියන්නේ අවාසනාවන්ත සිදුවීම් වලින් පිරුණු තැනක්. සියෝජුන් මියගියේ හරිම පුදුම අහම්බයකින්. එයාගේ මළසිරුර හොයා ගත්තේ එයාගේ මැනෙජර්වරයගේ නිවස ඉස්සරහා පාළු පාරේ කොනක තිබිලා. ඊළග දවසේ එයා සෝල් නැශනල් බොක්සින් ඉවෙන්ට් එකට සෙල්ලම් කරන්න ඉදිරිපත් වෙන්න හිටියේ. එයාගේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු මහා ගොඩාක් තියාගත්ත රසික පිරිසක් එයා වෙනුවෙන් බලන් හි⁣ටියා. ඒත්......

සියෝජුන්ගේ මරණයට හේතුව වෙලා තිබුනේ අදික වෙහෙස නිසා මොලයේ පිපිරුණු නහරයක් සම්පුර්ණයෙන්ම ලේ ගමනා ගමනය අඩාල කරපු එක. ඒක පිලිගන්න පුළුවන් වෛද්‍ය ශාක්ශියක් උනා. සියෝජුන් හිටියේ සම්පුර්ණයෙන්ම හොද සෞඛ්‍ය තත්ත්වයක කියලා නම්ජුන් දැනගෙන හිටියා. ඒත්........

හහ්........

එතකොට ⁣ජන්ග්කුක් boxer කෙනෙක් උනේත් හරිම අහම්බයකින්.... ඒ උසස් පාසලේ පලමු වසර. ජන්ග්කුක් කොහොමත් නහර කාරයෙක් කියලා නොදන්න කෙනෙක් හිටියේ නැ. ජන්ග්කුක් බෝඩින් ස්කුල් එකක නැවැත්තුවට පස්සෙ එයා තවත් මුරණ්ඩු උනා ඇරෙන්න එයාගේ මමා බලාපොරොත්තු උනා වගේ පරණ අහිංසක කුකී බවට පත්උනේ නැහැ.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now